ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

'Hela Bojun Hala' opened in Aluvihare

අලුවිහාරේ ‘හෙළ බොජුන් හල’ විවෘත කෙරේ

අලුවිහාරේ ‘හෙළ බොජුන් හල’ විවෘත කෙරේ මාතලේ , අලුවිහාරේ ඉදි කළ ‘හෙළ බොජුන් හල’ ඊයේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් විවෘත කරනු ලැබී ය. දේශීය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය හා අදාළ ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ යි. මේ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 12.86 ක මුදලක් වැය කොට තිබේ.මෙමඟින් ව්‍යවසායකයින් දස දෙනෙකුට දේශීය ආහාර නිෂ්පාදනයට හා අලෙවියට අවස්ථාව සැලසේ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත්කම පිළිබඳ ව සියලුදෙනා අවධානය යොමු කළ යුතු බව යි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙම ව්‍යාපෘතිය ඊට මහෝපකාරී වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා හා මාතලේ නගරාධිපති එස්. ප්‍රකාශ් යන මහත්වරුද , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද , ව්‍යවසායකයන් පිරිසක්ද සහභාගී වූහ.  

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook