ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මාතලේ, බෝවත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන විවෘත කෙරේ.

මාතලේ, බෝවත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන විවෘත කෙරේ.

මාතලේ, බෝවත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන විවෘත කෙරේ.

මාතලේ, බෝවත්ත ‘සහනෝදය’ ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන ඊයේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් මගින් රුපියල් මිලියන 18.8 ක න් මුදලක් මේ සඳහා වැය කොට තිබේ. ඊට වැඩිහිටියන් ඇතුළත් කරගැනීම ඊයේ සිටම ආරම්භ කරන ලදී. අනතුරුව ආණ්ඩුකාර ගමගේ මහතා සත්කාරක නිවහන පරිශ්‍රය නිරීක්ෂණයටද සහභාගී විය. මෙය පරිපාලනය කෙරෙන්නේ පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේයි.

හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතාගේ අදහසක් අනුව යි වතු බංගලාවක් සේ පැවති මෙම ගොඩනැගිල්ල ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහනක් සේ ප්‍රතිසංස්කරණය කළේ.

මේ මධ්‍යම පළාත් සභාව යටතේ ස්ථාපනය කරන පළමු ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහනයි. නේවාසික වැඩිහිටි කාන්තාවන් දසදෙනෙකු හා වැඩිහිටි පිරිමින් දස දෙනෙකුගෙන් යුක්තව මෙය ආරම්භ කිරීමට කටයුතු කෙරිණි .

දෙපාර්තමේන්තුව අදාළ අත්‍යාවශ්‍ය ස්ථාවර වත්කම් මිලදී ගනු ලැබ ඇත්තේ 2021 වර්ෂයේදීය. පළාත තුළ ඇති වෙනත් ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන සතු අතිරික්ත පාරිභෝගික ද්‍රව්‍ය හා උපකරණද මෙහි භාවිතය සඳහා ලබා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුහුණුව හා නේවාසිකයන් සඳහා වූ ආහාර වට්ටෝරු සකස් කිරීමට අවශ්‍ය සහය ලබා ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් රෝහල වෙතිනි.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් නේවාසික වැඩිහිටියන් උදෙසා දානමය පුණ්‍යකර්මයක් ද සංවිධානය කරනු ලැබීය.

දෙපාර්තමේන්තුවේ සමාජ සේවා අංශය මගින් ලබා දුන් ඇස් කණ්ණාඩි, රෝද පුටු, අත්වාරු, කොමඩ් පුටු, ට්‍රයිසිකල් ආදී උපකරණ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත පිරිනැමීමටද ආණ්ඩුකාර ගමගේ මහතා එක්විය. එසේම යුනිසෙෆ් ආයතනයේ මැදහත්වීමෙන් වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමක්ද සිදු කෙරිණි.

මෙයට සමගාමීව සමාජගත කළ දරුවන් පිරිසක් වෙත මූලික අවශ්‍යතා හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීම වෙනුවෙන් වානේ මේස, අල්මාරි,මහන මැෂින් ආදී උපකරණ ලබාදීමටද පියවර ගෙන තිබිණි.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කළේ නිසි රැකවරණයක් නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි සමාජයේ සැලකිල්ල ඉහළින්ම යොමු විය යුතු බවයි.

මෙම අවස්ථාවට මාතලේ මහා නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ් හා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩි.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook