ඉඩම් ප්‍රදාන පත්‍ර බෙදා දීමක්
පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පළාතේ ඉඩම් සඳහා නිල හිමිකම් තහවුරු කිරීමේ වැඩ පිළිවෙල යටතේ සංකේතාත්මකව ඉඩම් ප්‍රදාන පත්‍ර බෙදා දීමක් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සංවිධානය කොට තිබුණේ පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිති කොට ගෙන ය.