ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

දෙමළ භාෂා පුහුණුව පාඨමාලාව  සාර්ථකව අවසන් කළ රාජ්‍ය නිලධාරීන් විසිර යාමේ උත්සවයක්

දෙමළ භාෂා පුහුණුව පාඨමාලාව සාර්ථකව අවසන් කළ රාජ්‍ය නිලධාරීන් විසිර යාමේ උත්සවයක්

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිලධාරින් සපුරාගත යුතු දෙමළ භාෂා පුහුණුව පාඨමාලාව සාර්ථකව අවසන් කළ රාජ්‍ය නිලධාරීන් විසිර යාමේ උත්සවයක් පසුගිය 15 වනදා මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වුන අතර ඒ. ආර්. එම්. රාෆි මහතාගේ උපදේශකත්වයෙන් පැවැත්විණ. පාඨමාලාව සාර්ථකව නිමකළ නිලධාරින් 110 දෙදෙනෙක් විසිරයාමේ උත්සවය විචිත්‍රාංග ගණනාවකින් සමන්විත විය.. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ, සභා ලේකම් කුමුදිනී ප්‍රේමචන්ද්‍ර , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) එම්.ඩබ්.එම්.එම්. මඩහපොල , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) එස්.කේ.අයි. විජේවර්ධන, කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ පුහුණු අධ්‍යක්ෂ තිලිනි දෙහිගොල්ලේ , අධ්‍යක්ෂ (අයවැය) එම්.කේ.ඒකනායක , සහකාර ප්‍රධාන ලේකම් (පාලන) ඩබ්.එම්.අයි.මැණික්දිවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook