ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

තෙල්දෙණිය ජාතික පාසලේ කරාතේ ශුරි මනිෂාට විදුබිමෙන් උපහාර.

තෙල්දෙණිය ජාතික පාසලේ කරාතේ ශුරි මනිෂාට විදුබිමෙන් උපහාර.

තෙල්දෙණිය ජාතික පාසලේ කරාතේ ශුරි මනිෂාට විදුබිමෙන් උපහාර. 4 වන පාසල් ආසියානු කනිෂ්ට කරාතේ තරගාවලියේදී රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ තෙල්දෙණිය ජාතික පාසලේ ආර්.යු.ජි.මනිෂා ජයරත්න ක්‍රීඩිකාවට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා එම විදුහලේදී සිදු කෙරින. මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් ප්‍රථමවරට කරාතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදකක්ම් දිනා දීමට මෙම ක්‍රීඩිකාව සමත්වී ඇති අතර , අවුරුදු 14-17 වයස් කාණ්ඩය නියෝජනය කරමින් මනිෂා ජයරත්න ක්‍රීඩිකාව කුම්තේ අංශයෙන් රන් පදක්කමක් හා කාතා අංශය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මෙම තරගාවලියේදී සමත් වී ඇත. මෙම තරගාවලිය පසුගියදා ඉන්දියාවේ කෝචි නගරයේදී රටවල් හයක සහභාගීතත්වයෙන් පැවැත් විය. මනිෂා ජයරත්න ක්‍රීඩිකාවගේ ප්‍රධාන පුහුණුකරු වන තෙල්දෙණිය ජාතික පාසලේ කරාතේ උපදේශක සෙන්සේ එස්.සුරියභවන් මහතා ඇගයීම හා උපහාර පිදීම ද මෙහෙදී සිදු කෙරින. මෙම උපහාර පිදීමේ උත්සවය තෙල්දෙණිය ජාතියක පාසලේ විදුහල්පති යු.කුලරත්න මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත සංවිධානය කර පැවතී අතර , මෙම අවස්ථාව සදහා තෙල්දෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාධීර මහතා , විද්‍යාලයේ ගුරුවරුන් ,ආදී ශිෂ්‍යන් , දෙමාපියන් හා දරුවන් සහභාගි විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook