ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

‘පෙහෙකම් ප්‍රභා   -  2022’ ඇරඹේ.

‘පෙහෙකම් ප්‍රභා - 2022’ ඇරඹේ.

‘පෙහෙකම් ප්‍රභා - 2022’ඇරඹේ. මධ්‍යම පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව සංවිධානය කරන ‘පෙහෙකම් ප්‍රභා 2022’ අත්යන්ත්‍ර රෙදි පිළි ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල අද (23) පෙරවරුවේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි තෙවන මහලේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ද, පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අද සිට දෙසැම්බර් 25 දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී විශේෂ වට්ටම් සහිතව ප්‍රමිතියෙන් ඉහළ කාන්තා හා පිරිමි නිමි ඇඳුම්, තිර රෙදි, තුවා, අත් පිස්නා ආදී අත්යන්ත්‍ර රෙදිපිළි මිලදී ගත හැකි ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook