ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව  නව මානයක් කරා ගෙන යාමට හැකියාව ලැබේ - ජනපති ජාතික ශිෂ්‍ය භට බලකා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් පවසයි.

විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට හැකියාව ලැබේ - ජනපති ජාතික ශිෂ්‍ය භට බලකා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් පවසයි.

විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට හැකියාව ලැබේ - ජනපති ජාතික ශිෂ්‍ය භට බලකා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් පවසයි. වසර 142 ක ඉතිහාසයක් සහිත ජාතික ශිෂ්‍ය භට බළකායට ජනාධිපති වර්ණ හා බළකා වර්ණ ප්‍රධානය රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගියදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය භට බලකා ආචාර පෙළපාළිය නිරීක්ෂණ සඳහා ද ජනාධිපතිවරයා එක්වූ අතර රට තුළ ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන එම අලුත් සමාජය වෙනුවෙන් විනයගරුක නායකත්වයක් ශිෂ්‍ය භට බලකායෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා , ජාතික ශිෂ්‍ය භට බලකා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook