ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

  ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරයේ නවීකරණය කරන ලද ජපන් මැදිරිය විවෘත කෙරේ.

ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරයේ නවීකරණය කරන ලද ජපන් මැදිරිය විවෘත කෙරේ.

ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරයේ නවීකරණය කරන ලද ජපන් මැදිරිය විවෘත කෙරේ. ශ්‍රී දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාගාරයේ පිහිටි නවීකරණය ලද ජපන් බෞද්ධ මැදිරිය විවෘත කිරීම පසුගිය (15) පස්වරුවේ සිදු කෙරිණ. සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා අතින් මෙම මැදිරිය විවෘත කෙරිණි. ලොව පුරා බුදු දහම ප්‍රචලිත රටවල් 17ක ප්‍රදර්ශන මැදිරි 18කින් මෙම ලෝක බෞද්ධ කෞතුකාගාරය සමන්විතය. වර්ෂ 2011දී මෙම මැදිරිය මුල්වරට විවෘත කොට ඇති අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය මැදිහත්වීම මත වසර දහයකට පසු එම මැදිරිය නවීකරණය කොට තිබේ. ජපානයේ ඓතිහාසික හා සංස්කෘතික අංග විදහා දැක්වෙන අයුරින් නිරූපිත සිද්ධස්ථාන හා සංකේතවලින් නවීකරණය කළ නව මැදිරිය සමන්විතය. මෙම මැදිරිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා සියම් මහා නිකායේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි, ජපානයේ හොංගන්ෂි විහාරස්ථානයේ මහා නායක පූජ්‍ය ඕතනි චෝජුන් හිමි, හිටපු කථානායක කරු ජයසූරිය මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ. .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook