ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

උත්සව සමයේ  මහනුවර නගරයට ඇදී එන පාරිභෝගික ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් .

උත්සව සමයේ මහනුවර නගරයට ඇදී එන පාරිභෝගික ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් .

ආණ්ඩුකාරවරයාගේ නියෝගයක් මත පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගේ සහ වෛද්‍ය පසන් ජයසිංහ ගේ අධීක්ෂණයෙන් එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හා රාමසාන් උත්සවය සැමරීම සඳහා අවශ්‍ය දෑ මිල දී ගැනීම පිණිස මහනුවර නගරයට ඇදී එන පාරිභෝගික ජනතාව වෙත උසස් ප්‍රමිතියෙන් යුතු ආහාර ද්‍රව්‍ය අලෙවි කෙරෙන්නේ දැයි විමසා බැලීමේ විශේෂ වැඩසටහනක් පසුගිය දා මහනුවර මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ තිබිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත හා මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය මෙහෙයවනු ලැබුවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා යි. මේ අනුව මහනුවර මහා නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.කේ.දයාරත්න මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 54 දෙනෙක් කණ්ඩායම් අටක් සේ මහනුවර නගරයේ ආහාර පරිහරණ ස්ථාන රැසක් පරීක්ෂා කරනු ලැබුහ. මේ මහා පරිමාණ විමර්ශනයේ දී පරිභෝජනයට නුසුදුසු සහල්, බත්, කුකුළු මස්, කරවල, උම්බලකඩ, නූඩ්ල්ස්, කොත්තු, සීනි, තිරිඟු පිටි, කඩල , බයිට් වර්ග, කේක්, අයිස් ක්‍රීම් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක් සිය භාරයට ගැනීමට වෛද්‍ය ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කළහ. අදාළ වෙළෙඳ ස්ථාන කිහිපයකට ම විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ද තීරණය කෙරිණි. එසේම පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳ මහතුන්ට අවවාද කිරීමටත්, අවශ්‍ය උපදෙස් ලබා දීමටත් පරීක්ෂක කණ්ඩායම කටයුතු කළහ. වැඩසටහන නිමා කොට මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍ය පසන් ජයසිංහ මහතා කියා සිටියේ පාරිභෝගිකයා ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී විචාරශීලී ව කටයුතු කිරීම අතිශය වැදගත් බව යි. ඉදිරි දිනවල දී ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලවා නගරයේ ආහාර ද්‍රව්‍ය අලෙවිය සම්බන්ධයෙන් වූ පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook