ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව කන්ද උඩරට සෙංකඩගල වෙසක් කලාපයක්.

රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව කන්ද උඩරට සෙංකඩගල වෙසක් කලාපයක්.

රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව කන්ද උඩරට සෙංකඩගල වෙසක් කලාපයක්. ශ්‍රී සම්බුද්ධ තෙමගුල සිහිකරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කර ගෙන 2023.මැයි 01 සිට මැයි 07 දක්වා වෙසක් සතිය වසයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.. ඊට සමගාමිව ශ්‍රී බුද්ධ වර්ෂ 2567 රාජ්‍ය වෙසක් මහෝත්සවය මධ්‍යම පළාත කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීම සදහා මුලික සාකච්ඡාවක් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා පිරිවෙනේහි පරිවේනාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමියන්ගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් අභිමානවත් අයුරින් වෙසක් උත්සවය සැමරීම සදහා ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් අර්ථවත් හා ඵලදායි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කෙරිණ. ඒ අනුව මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පිණ්ඩපාත චාරිකාවක් පැවැත්වීම , පාසල් හා දහම් පාසල් දරුවන් සදහා භක්ති ගීත වැඩසටහන් ,ජාතක කතා ඇසුරෙන් නාට්‍ය රඟ දැක්වීම් ,මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, සීල ව්‍යාපාරයන් සහ ධර්මදේශනාවන් , වෙසක් කුඩු හා සැරසිලි ආදී ය ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. රාජ්‍ය ආයතන තුල ආකල්ප සංවර්ධන හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් තුලින් ආකල්ප සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ . ඊට සමගාමිව පළාතේ දිළිදු පවුල් සදහා වියළි සලාක බෙදාදීමට ද යෝජිතවේ. මෙම උත්සවය අභිමානවත් අයුරින් පැවැත්වීම සදහා ඊට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම වෙනුවෙන් මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රියාකාරී කමිටුවක් පත්කෙරේ. මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දළදා මාලිගාව,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, ශ්‍රීලංකා යුධ හමුදාවේ 11 වන බල සේනාංකය, ඇතුළු සියලු රාජ්‍ය ආයතන, සිංහල වෙළද පෙරමුණ සහ බෞද්ධ සංගම් ප්‍රධාන සියලු සමිති සමාගම් , ස්වේච්ඡා සංවිධාන එක්ව මෙම සෙංකඩගල වෙසක් කලාපය සංවිධානය කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook