ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

බලශක්ති කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්.

බලශක්ති කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්.

බලශක්ති කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්. තිරසාරත්වයෙන් යුතු බලශක්ති අනාගතයක් කරා ගමන් කිරීමට නම් බලශක්ති කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වඩාත් ඵලදායී වනු ඇත. එහිදී දැනුම බෙදා ගැනීමත් දැනුම කළමනාකරණයත් ඉතා වැදගත් දායකත්වයක් ලබාදෙන බැවින් රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ විදුලිබල හා විකල්ප බලශක්ති අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. එබැවින් එම අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණුකර ඔවුන් හරහා බලශක්ති කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳ පණිවිඩය මධ්‍යම පළාත තුළ සමාජගත කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතර වේ. ඒ සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ දායකත්වයෙන් පසුගිය මාර්තු 30 සහ 31 දෙදින තුළ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook