ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

 සෙංකඩගල වෙසක් කලාපයට සමගාමී ව මධ්‍යම පළාත් සභා පරිශ්‍රය ආලෝක පුජාවෙන් විසිත්ත කෙරේ.

සෙංකඩගල වෙසක් කලාපයට සමගාමී ව මධ්‍යම පළාත් සභා පරිශ්‍රය ආලෝක පුජාවෙන් විසිත්ත කෙරේ.

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන උතුම් කරුණු තුන සිහිකිරීම තෙමඟුල ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය අති උත්කර්ෂවත් සැමරීමට එක්විය. “නිවැරැදි දෙය වැරැදි ලෙසත්, වැරැදි දෙය නිවැරැදි ලෙසත් දැකීම දුගතියට හේතු වේ". යන මෙවර වෙසක් තේමාව වූ මුලික කර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කය පුරා සංවිධානය වූ සෙංකඩගල වෙසක් කලාපයට සමගාමීව මධ්‍යම පළාත් සභා පරිශ්‍රය ආලෝක පුජාවෙන් විසිත්ත කෙරිණි. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ගේ උපදෙස් පරිදි පළාත් සභා සංකීර්ණයේ සියලු රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය විය. බොදු හැගුම් පුබුදුවාලන නිර්මාණාත්මක සංකල්පනාවන් බොදුනු දහමේ මහා දාර්ශනික සංකල්පයන් මැනවින් සංකලනය කොට මුළු පළාතම ආවරණය වන පරිදි වැඩසටහන් රාශියක් මහත් ජන සහභාගිත්වයෙන් පැවැත්වීම මෙවර දක්නට හැකිවිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook