ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් පළාත්  පාලන කොමසාරිස් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක  වන  චමිලා අතපත්තු මහත්මිය පත් කෙරේ.

මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන චමිලා අතපත්තු මහත්මිය පත් කෙරේ.

මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන චමිලා අතපත්තු මහත්මිය පත් කෙරේ. එම තනතුර ට අදාල පත්වීම් ලිපිය පසුගියදා පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් පිරිනැමිය. ශ්‍රීලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිනියක වන අතපත්තු මහත්මිය මෙම තනතුරට පත්වීමට පෙර මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කලාය. පළාත් පාලන ආයතන විසුරුවා ඇති වකවානුවක නිලධාරින් ගේ පාලනය යටතේ ආයතන ක්‍රියාත්මක කිරීමේ දී කොමසාරිස්වරයා සතුව පවතින බලය සහ වගකීම සුළු පටු නොවන බවත් , එය හිටපු කොමසාරිස් මේනක හේරත් මහතා ඉතා මැනවින් අවබෝධ කොට ගෙන ඉටු කරනු ලැබූ බවත් ,අඛණ්ඩව නිසි මග පෙන්වීමක් පළාත් පළාත් පාලන ආයතන සතු මහජන මෙහෙවර ඉටු කිරීමෙහිලා ලැබ දිය යුතු බවත් මෙහිදී පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා ප්‍රකාශ කළේය . ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඇය ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගන්නී ය. ශාස්ත්‍රපති උපාධිය (සමාජ විද්‍යාව) හිමි කර ගන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙනි . ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර සන්නිවේදනය පිළිබඳ ඉංග්‍රීසි උසස් සහතික පත්‍ර පාඨමාලාවක් ද ඇය සාර්ථක ලෙස හදාරා තිබේ. මෙයට අමතරව පෞද්ගලික අධ්‍යාපන ආයතන කිහිපයකදී ම පාඨමාලා ගණනාවක් ම ඇය විසින් හදාරනු ලැබ ඇත. එසේම දේශීය - විදේශීය පුහුණු පාඨමාලා කිහිපයකින් ද ඇගේ අධ්‍යාපනික පසුබිම සමන්විත ය.අතපත්තු මහත්මියගේ වෘත්තීය ජීවිතය වර්ෂ 2000 දී ආරම්භ වන්නේ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරිනියක ලෙසිනි. ඒ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කොළඹ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ය. අනතුරුව ඇය ගුරු වෘත්තියට පිවිසුනා ය. ඒ අවුලේගම විද්‍යාලයෙනි.ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇය එක්වන්නේ වර්ෂ 2006 දී යි . ඒ අනුව ඇය උතුරු මැද සහකාර සමුපකාර කොමසාරිස් වශයෙන් ද, පසුව පොළොන්නරුව සහකාර පළාත් පාලන කොමසාරිස් වශයෙන් ද පත් කෙරිණ. ඉනික්බිතිව නාඋල සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත්, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් ලෙසත් ඇය සේවය කළා ය. ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දරමින් සිටියදී යි ඇය මධ්‍යම පළාත් සභා සේවයට අවතීර්ණ වන්නේ. පළමු කොටම ඇය මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ ලෙස සේවය කරයි. පසුව ඇයව පත් කෙරෙන්නේ මධ්‍යම පළාත් සමුපකාර කොමසාරිස් ධුරයට ය.මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගිවුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook