ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

R E D A වෙතින් උඩදුම්බර පෙදරේරු වෘත්තිකයන්ට ඉහළ දැනුමක්

R E D A වෙතින් උඩදුම්බර පෙදරේරු වෘත්තිකයන්ට ඉහළ දැනුමක්

R E D A වෙතින් උඩදුම්බර පෙදරේරු වෘත්තිකයන්ට ඉහළ දැනුමක්

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (R E D A) විසින් පළාතේ පෙදරේරු වෘත්තියෙහි නිරත වූවන්ගේ දැනුම හා කුසලතාව ඉහළ නැංවීම අරමුණු කොට ගෙන ඉන්සී (INSEE) පුද්ගලික සංගමේ අනුග්‍රහය හා ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහය ඇතිව සංවිධානය කරන දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් අවස්ථාවක් පසුගිය දා උඩදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ අවස්ථාවට උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පෙදරේරු වෘත්තියෙහි නිරත සියයකට ආසන්න පිරිසක් සහාභාගී වී සිටියහ.
වැඩමුළුව මෙහෙයවූයේ ඉන්සී පුද්ගලික සමාගමේ තාක්ෂණ සේවා නිලධාරීන් ය.
පෙදරේරු වෘත්තියට අදාළ න්‍යායාත්මක පක්ෂය මෙ දින වැඩමුළුවට විෂය විය. ඉදිරි දිනකදී ප්‍රයෝගික පක්ෂය ආවරණය කිරීමට නියමිත ය.
වැඩමුළුව සම්පූර්ණ කරන පෙදරේරු වෘත්තිකයන් වෙත අන්තර්ජාතික පිළිගැනීමක් ලැබෙන N V Q 111 අදියරේ සහතික පත්‍රයක් පිරිනැමීමට මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය පියවර ගනියි.
මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතීඥ ජානක සකලසූරිය මහතාගේ මඟපෙන්වීම යටතේ වැඩමුළුව සංවිධානය කළේ එහි සහකාර අධ්‍යක්ෂිකා එන්.ඩබ්ලිව්. ලක්ෂ්මී මහත්මිය යි. උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් නිලූපා මනෝරත්න මහත්මිය ද, සහකාර ප්‍රාදේශීය ලේකම් හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්.සී.දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එච්.එම්.කේ.සී.බණ්ඩාර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook