ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

REDA මගින්  පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කෙරේ.
Featured

REDA මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කෙරේ.

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) මගින් ක්‍රියාත්මක මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කෙරේ.
2022 වර්ෂයට අදාළව pastry & Bakery හා Hotel Operation (හොටෙල් කළමනාකරණය ) පාඨමාලාවේ 6 වන කණ්ඩායම සදහා සිසු සිසුවියන් බදවා ගැනීම ඉකුත්දා මාතලේ හෝටල් පාසල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි .
මෙම පාඨමාලා සදහා සිසු සිසුවියන් පනස් දෙදෙනෙකු (52) ඇතුලත්කර ගෙන ඇත. කාලීනව දේශීය හා විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හදුනාගෙන ඇති අතර මධ්‍යම පළාතේ තරුණ ප්‍රජාවගේ ආනාගත සාර්ථකත්වය වෙනුවෙන් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති J.V.B.සකලසූරිය මහතා සහ අධ්‍යක්ෂ H.M.M.U.B.හේරත් මහතාගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ N.W.ලක්ශ්මි මහත්මිය මෙහෙයවීමෙන් මෙම පාඨමාලාවන් ක්‍රියාත්මක කෙරේ.
තෘතික හා වෘත්තිය කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් වන මෙමගින් වෘත්තිය පුහුණු අධිකාරියේ ලියාපදිංචි සහතික පත්‍රයක් ද ලබාදීම සිදු කරනු ලැබේ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook