ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ගේ නියමයෙන් මිමුරේට තවත් බස් රථයක්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ගේ නියමයෙන් මිමුරේට තවත් බස් රථයක්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ගේ නියමයෙන් මිමුරේට තවත් බස් රථයක්. මහනුවර දිස්ත්‍රික්කයේ පාරිසරික වටිනාකමින් පොහොසත් මීමුරේ ගම්මානයේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සහ ගුරු මහත්ම මහත්මීන් සහ රජයේ නිලධාරින් ඇතුළුව පෙරවරුවේ ගම්මානයට පැමිණෙන දේශීය සංචාරකයන්ගේ ගමන් පහසුව සලසා දීම සදහා වන බස් රථයක් ධාවනයේ යොදවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගෙන් ගම්වාසින් ඇතුළු නිලධාරීන් විසින් ඉදිරිපත් කල ඉල්ලීම ඵල දරයි. මේ සම්බන්ධයෙන් මහනුවර පිහිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් කළමනාකරු ඇතුළු නිලධාරින් වෙත උපදෙස් ලබා දෙමින් , කඩිනමින් බස් රථයක් ධාවනයට යොදවන ලෙස ඉල්ලීමක් කරනු ලැබිය.ඒ අනුව සැප්තැම්බර් මස මුල සතියේ සිට නව බස් රථයක් මෙම මාර්ගයේ ධාවනය සදහා යොදවා ඇති අතර , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ දී පවත්වන ලද ගම සමග පිලිසදරක් වැඩ සටහනට සමගාමිව හුන්නස්ගිරිය හන්දියේ සිට මීමුරේ දක්වා කිලෝ මීටර 37 ක පමණ දුර වූ මාර්ගය කාපට් යොදා සකස් කොට බස් ධාවනය ද ආරම්භ කරනු ලැබිය. මෙම මාර්ගයේ බස් ධාවනය තෙල්දෙණිය ඩිපෝව මගින් සිදුකරනු ලබයි .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook