ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයීමේ උළෙලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය තානායම පරිශ්‍රයේදී පැවැත්විය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව සංවිධානය කර තිබුණු මෙම උපහාර උත්සවයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 150 ක පිරිසක් සම්මානයෙන් පිදුම් ලද අතර මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ආහාර වල ගුණාත්මක තත්ත්වය ක්ෂණිකව පරික්ෂා කිරීමට නොහැකි වීමෙන් බොහෝ කූට ව්‍යාපාරිකයන් නීතියේ රැහැනින මිදෙන බවත්, ආහාර වල ගුණාත්මක තත්ත්වය පරික්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොතරම් වෙහෙසක් දැරුවත් වැටලීම් කරන ලද ආහාරවල තත්ත්වය පරීක්ෂා කිරීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් වී ඇති බවයි. කුඩා දරුවන්ට අද පරිභෝජනය කිරීමට සෞඛ්‍යාරක්ෂිත ආහාර වෙළඳපොලේ නොමැතිබවත් එම ආහාරවල ආරක්ෂිත බව පරික්ෂා කිරීමේ ක්ෂණික ක්‍රම නොමැතිවීම ද ගැටලුවක් ව පවතින බවත්,කොවිඩ් වසංගත තත්ත්වය රට පුරා ව්‍යාප්තව පැවති අවධියේ සිය දිවි දෙවැනි කොට ජනතාව වෙනුවෙන් දිවා රාත්‍රී නොබලමින් කටයුතු කළ සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් ඇතුලු සියලු නිලධාරීන්ගේ මෙහෙය ඉතා සුවිශේෂී බවත්, ඔවුන් සියලු දෙනාගේම මෙහෙය අගය කර සිටින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති ලලිත් දයාවංශ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook