ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

යෝජිත දුම්බර කෘෂි සංචාරක සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක්.

යෝජිත දුම්බර කෘෂි සංචාරක සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක්.

යෝජිත දුම්බර කෘෂි සංචාරක සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවර කාර්යාලයේදී යෝජිත දුම්බර කෘෂි සංචාරක සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම ආණ්ඩුකාරවර කාර්යාලයේදී (11) පැවැත්විය. එහිදී අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ආණ්ඩුකාරවරයා අදාල අංශ සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී එම ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කළ අතර, එම ව්‍යාපෘතියේ කටයුතු අප්‍රමාදව සිදුකිරීමේ අවශ්‍යතාවය ද එම මහතා මෙහිදී පෙන්වා දීම සිදුවිය. මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook