
පාරහත, උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනෝත්සවය.
පාරහත, උඩුමල්දොර පුරාණ විහාරස්ථානයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනෝත්සවය ශ්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාර පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා, හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුලු ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් (20) සිදු විය.