ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්.

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්.

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්. රාජ්‍ය අංශයේ තනතුරු සදහා උසස්වීම් ලබා දීමේදී ජ්‍යෙෂ්ඨත්වය පමණක් නොව කාර්යශූරත්වය ද සැලකිල්ලට ගත යුතුයි. අපේ රටේ රාජ්‍ය අංශය තුළ පවතින කාර්ය සාධන ඇගයීම් ක්‍රමවේදයන් අද දුර්වල වෙලා. කාලීනව මේවා වෙනස් විය යුතුයි. එසේම පුද්ගල බද්ධ තාවයට එහා ගොස් සියලු දෙනා එක්ව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම වෘත්තීයවේදීන්ගේ වගකීමක් වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ 21 දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මධ්‍යම පළාත තුළ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පවතින ගැටලුව මෙහිදී සාකච්ඡාවට බඳුන් කළ අතර ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණිය පිළිබදව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන්, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා සංගමයේ නිලධාරීන්, මධ්‍යම පළාත් ඉංජිනේරු සේවයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook