
තිරසාර සංචාරක ඉගෙනුම් ප්‍රදර්ශනයක්.
සංචාරක කර්මාන්තයේ නියුක්ත ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (MSMES) සවිබල ගැන්වීමේ අරමුණින් තිරසාර සංචාරක ඉගෙනුම් ප්‍රදර්ශනයක්.
සංචාරක කර්මාන්තයේ නියුක්ත ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (MSMES) සවිබල ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව , USAID සහ IPOP ආයතන එක්ව සංවිධානය කරන ලද තිරසාර සංචාරක ඉගෙනුම් ප්‍රදර්ශනයක් 22 වන දින මහනුවර සුවිස් (Suisse) හෝටලයේ හිදී පැවැත්විණ.
මෙම ප්‍රදර්ශනයේ දී ඩිජිටල් සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම, මෙම ක්ෂේත්‍රයට අදාළ සුවිශේෂී අත්දැකීම් හුවමාරු කිරීම, සංචාරක ප්‍රවණතා අවබෝධ කර ගැනීම සහ සංචාරක අපේක්ෂාවන් සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.
මෙම මධ්‍යම පළාත් වැඩසටහන මහනුවර , අනුරාධපුර, දඹුල්ල, සීගිරිය, හබරණ යන ප්‍රදේශවල ව්‍යවසායකයින්ගේ සහභාගීතත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය.