
පිරිපුන් සුව සේවයක්.
පිරිපුන් සුව සේවයක්.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීම මුලික අරමුණ කොටගෙන පළාත් මට්ටමින් ආරම්භ කිරීමට නියමිත “පිරිපුන් සුව සේවයක්” උදෙසා පළාත් සංවාද වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණ.
පළාත් මට්ටමින් මහජන සෞබ්‍යය සේවාව නගා සිටුවීම වෙනුවෙන් පවතින තත්වයන් පිළිබදව කරුණු දැක්වීම හා පලාතට අයත් දිස්ත්‍රික්ක තුනෙහි පවතින ගැටළු කෙරෙහි අවදානය මෙහිදී යොමු විය. මධ්‍යම පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක , වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ , දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහිපාල , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරින් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් , පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් , ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.