ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත මෙරටේ  සංචාරක  තෝතැන්නයි . නව ක්‍රමවේද  සුදානම් කරන්න .  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සංචාරක බලධාරීන්ට උපදෙස් ...

මධ්‍යම පළාත මෙරටේ සංචාරක තෝතැන්නයි . නව ක්‍රමවේද සුදානම් කරන්න . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සංචාරක බලධාරීන්ට උපදෙස් ...

මධ්‍යම පළාත මෙරටේ සංචාරක තෝතැන්නයි . නව ක්‍රමවේද සුදානම් කරන්න . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් සංචාරක බලධාරීන්ට උපදෙස් ... රටේ ඉතා ඉහලම ආකර් ශනියත්වයෙන් ඉතා ඉහල අගයක් හිමි මධ්‍යම පළාතේ ප්‍රධාන නගරය වන මහනුවර සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩ ගැනීමට නොහැකි වීම අවාසනාවක් බවත්, ජනපති නියමයෙන් ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාවට නැංවීමට සැලසුම් කොට ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගම්පොල අම්බුළුවාවේදී පැවසිය. ඉහල පාරිසරික වටිනාකමක් සහිත අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිර් ණය ඒ සදහා සුදානම් කිරීම ඉතා අගය කල යුතු බවත් මහනුවර කේන්ද්‍රියව උප නගර ආශ්‍රිත සියලු සංචාරක ආකර් ශනය ඇති ස්ථාන ඒකාබද්ධ සැලැස්මකට අනුව දේශීය හා විදේශීය සංචාරකයන් ට නවමු අත්දැකීම් ලැබිය හැකි අයුරින් සකස් කල යුතු බව වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබිය. ආණ්ඩුකාරවරයා මෙම අදහස් දැක්වුයේ අද දවස පුරා ගම්පොල අම්බුළුවාවේ දී පැවති නව සංචාරක ආකෘතී කිහිපයක් දියත් කිරීමේ සහ දැනුවත් කිරීමේ විශේෂ හමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අක්කර 450 ක් පුරා පැතිරුණු ජෛව විවිධත්වයකට හිමිකම් කියන මෙම භුමි භාගය ඉතා ඉහල පාරිසරික අධ්‍යයනයන් සදහා පර් යේෂණා ගාරයක් බව පෙන්වා දුන් ගමගේ ආණ්ඩුකාරවරයා, ඒ සදහා මෙරට සහ වෙනත් රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය අධ්‍යයන අවස්ථා සලසා දීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිය. මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සහ අම්බුලුවාව භාරකාර මණ්ඩල සභාපති අනුරාධ ජයරත්න මහතා, 2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් යම් කොටසක් මෙම භූමියට පැමිණි බවත් එය වසර තුනක් තුල 2.3% සිට 8% දක්වා වැඩිවීම කැපී පෙනන සාධකයක් බවත්, භාරකාර මණ්ඩලයේ සැලසුම වන්නේ 2025 වන විට එම අගය 15% දක්වා ඉහල නැංවීම බවත් පෙන්වා දෙනු ලැබිය. ඒ සදහා අක්කර 08 ක් පුරා පැතුරුණු pinewood zone විවිධ විනොදාංග හා ක්‍රියාකාරකම් ආරම්භ කොට පුළුල් කිරීම එක් පියවරක් බවත් , ඉදිරියේ දී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය ඇතුළු නව අත්හදාබැලීම් රාශියක් හදුන්වා දීමට සැලසුම් කරන බවත්, ඒ තුලින් ගම්පොල නගරය නව ආර් ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම , ඇල්ල ඔඩිසි දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානයේ විනාඩි කිහිපයක් හෝ රදවා ගනිමින් අම්බුළුවාව සංචාරක අත්දැකීම් එම කණ්ඩායමට ලබා දීමටත් සැලසුම් කරනු ලබන බව පැවසු ජයරත්න මහතා මෙරටේ විවිධ පෞද්ගලික ව්‍යවසායකයන් සිය නවමු ව්‍යාපාරික අවස්ථා සදහා ආයෝජනය කිරීමට කැමැත්ත පලකොට ඇති බවද පැවසිය . මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් ,පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන්, ප්‍රධාන සහ සංචාරක අමාත්‍යාංශයේ ජෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරචිචි , සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් , විවිධ ව්‍යාපාරිකයන්, සංචාරක ආයතන නියෝජිතයන් , මග පෙන්වන්නන් සහ ආරාධිත පිරිසක් එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook