
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණී.ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.මෙහිදී ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සඳහා බලපා ඇති වැලි හා පස් ලබා ගැනීම හා ප්‍රවාහනය, විධිමත් පරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගැනීම හා ප්‍රදානය, පසුගිය කාලයේ සිදුකළ ඉදිකිරීම් සම්බන්ධයෙන් හිඟ මුදල් ලබා ගැනීම, අමුද්‍රව්‍ය මිල සහ සේවක වැටුප් ඉහළ යාම, මධ්‍යම පළාතේ ඉදිකිරීම් සිදුකිරීම ආදී සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් කාර්යාලයේ සභාපති එස්. ඩබ්ලිව්. ගුණවර්ධන, ලේකම් ඊ. බණ්ඩාරනායක, භාණ්ඩාගාරික කේ. ඒ. ඒකනායක යන මහත්වරු ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.