ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් කාර්මික නිලධාරීන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක්

මධ්‍යම පළාත් කාර්මික නිලධාරීන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක්

මධ්‍යම පළාත් කාර්මික නිලධාරීන්ගේ ගැටලු විසඳීම වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(26) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.මෙහිදී කර්මික නිලධාරින් විසින් මෙතෙක් නොවිසිදුනු ප්‍රායෝගික ගැටළු රැසක් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර, කාලීන අවශ්‍යතා ඉටුකරමින් තම සේවාව විධිමත්ව ලබාදීමට ඉල්ලීම් රැසක් ද භාරදීම සිදුවිය.ඒ අනුව මෙම කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර කඩිනමින් විසඳුම් ලබා දිය හැකි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සිදු කරනු ලැබූ අතර පළාතේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම, කාලීනව පවතින වගකීම සහගත බව හමුවේ සේවය නිසිලෙස ලබාදීම මෙන්ම සාධාරණ ඉල්ලීම් කඩිනමින් විසදීම සඳහා අදාළ ආයතන වෙත දැනුම් දීම මෙහිදී ආණ්ඩුකාරවර අභයකොන් මහතා විසින් සිදු කරන ලදී.එසේම සියලු පළාත් තුළ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැංවීම වෙනුවෙන් රජය ගෙනයන නව වැඩපිළිවෙළට කාර්මික නිලධාරීන්ගේ ගැටළුද යොමු කරමින් ප්‍රමිතිකරණයෙන් යුක්තව සියලු දෙනා හට සාධාරණයක් ඉටු කිරීමට කඩිනම්ව ජාතික වශයෙන් මැදිහත් වන බවද මෙහිදී ආණ්ඩුකාරවරයා පැවසීය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(ඉංජිනේරු සේවා) එන්. විජේකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සී.කේ. අමරකොන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook