ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව සෆියා යමික්  හා  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව සෆියා යමික් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව සෆියා යමික් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 100 කාන්තා තරගය තත්පර 11.53 කින් නිම කර රන් පදක්කම දිනා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගත් මහනුවර විහාර මහා දේවී විද්‍යාලයේ ආදී සිසුවියක් වූ ශ්‍රි ලංකා යුධ හමුදාවේ සෆියා යමික් දියණිය 2025 නොවැම්බර් 04 වන දින මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බී. අභයකෝන් මහතා සමග සුහද කතාබහක නියැලින.සෆියා දියණියගේ දක්ෂතාවය මධ්‍යම පළාතට මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයටත් මහත් වූ අභිමානයක් බවත්, මධ්‍යම පළාතේ පාසැල් මට්ටමින් ඉදිරියේදී මෙවන් වූ නවක ක්‍රීඩක ක්‍රීඩීකවන් ජාතික තලයට දායාද කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කළයුතු බවත්, ඒ වෙනුවෙන් පළාතක් ලෙස ගතයුතු ක්‍රියාමාර්ග වලට එළඹෙන බවත් ගරු ආණ්ඩුකාරවරයා විසින් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. මෙම අවස්තාව සදහා සෆියා යමික් දියණියගේ දෙමාපියන් , විද්‍යාලයේ එවකට මළල ක්‍රීඩා භාර ගුරුවරිය වූ පද්මා නවරත්න මහත්මිය, වත්මන් විදුහල්පතිනිය සෞම්‍ය විජේරත්න මහත්මිය , මෙන්ම ඇයගේ වර්ථමාන ක්‍රීඩා පුහුණුකරු එස්. පී. විතාන මහතාද සහභාගී වී සිටියහ. තවද මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ සංජීව වීරක්කෝඩි මහතා සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මියත් සහාභාගි වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook