ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා අවශ්‍යවන ඉගෙනුම් ද්‍රව්‍ය  ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 129.9ක් වෙන් කෙරේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා අවශ්‍යවන ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 129.9ක් වෙන් කෙරේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා අවශ්‍යවන ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 129.9ක් වෙන් කෙරේ. මධ්‍යම පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සදහා අවශ්‍යවන ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීම වෙනුවෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන මගින් රුපියල් මිලියන 129.9ක මුදලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත යොදවා ඇති බව පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා පවසයි. ආර්ථික දුෂ්කරතාවයන් අධ්‍යාපනයේ අයිතියට බාධාවක් නොවීම සදහා කටයුතු කරමින් පළාත් පාලන ආයතන වල පවතින මුල්‍ය පහසුකම් අනුව ප්‍රදේශයේ මූල්‍ය අපහසුතාවයන් නිසාවෙන් පාසල් පොත්පත් හා උපකරණ ලබා ගැනීමට අපහසු දරුවන් වෙනුවෙන් ඒවා ලබාදීම සදහා මධ්‍යම පළාත් සභාවක් ලෙස කටයුතු කරමින් , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ අදහසකට අනුව රුපියල් මිලියන 129.9ක් වටිනා පාසල් උපකරණ ලබාදීම සදහා කටයුතු සූදානම් කර ඇත. ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීම මත සැබෑ ලෙසම ආර්ථික දුෂ්කරතා සහිත පවුල් ඒකක සදහා මෙම පාසල් උපකරණ ලබාදීම සිදුවන බවත් , පළාත් පාලන මැතිවරණය කැඳවීමට පෙර ගත් තීරණයකට අනුව සහ මැතිවරණයට බාධාවක් නොවන පරිදි පළාත් පාලන ආයතන වල ලේකම්වරුන් ගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පළාත් පාලන කොමසාරිස් වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook