
චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජිත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අතර හමුවක්.
චීන මහජන සමූහාණ්ඩුවේ නියෝජිත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අතර හමුවක්.
චීන මහජන සමූහාණ්ඩුවට අයත් හෙනෑන් පළාතේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය (13) මහනුවර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා හමුවූහ.
මෙසේ පැමිණි කණ්ඩායමේ නායකත්වය දැරුවේ Zhang Zhenyu මහතායි. Zheng Bangshan, Li Bingbing, Zhu Zifeng, Yu Wei ha Wang Zi සෙසු නියෝජිතයෝ වූහ.
චීන නියෝජිත පිරිස ඇමතූ පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා දිගු කාලීන චීන - ශ්‍රී ලංකා ආගමික හා වෙළෙඳ සම්බන්ධතා ද, මධ්‍යම පළාතේ අනන්‍යතාව පිළිබඳවද කරුණු ඉදිරිපත් කළේය. චීන නියෝජිත පිරිසද අදහස් දැක්වූහ.
මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය හා පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාද එක්ව සිටියහ.