ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්.

පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට අවශ්‍යකරන මග පෙන්වීම ලබා දීමේ අරමුණ ඇතිව UNDP ආයතනයේ මුල්‍ය අනුග්‍රහයෙන් හා Asia Foundation ආයතනයේ තාක්ෂණික සහය ඇතිව LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්, නවයාලතැන්න, පළාත් පාලන සම්පත් පුහුණු මධ්‍යස්ථානයේදී (30) පැවැත්විණි. පළාත් පාලන ආයතනවල දත්ත පවත්වාගෙනයාමේ ක්‍රමවේදය ගුණාත්මකව සංවර්ධනය කිරීම සහ යාවත්කාලින කිරීම තුලින්, එම ආයතන සම්බන්ධ තීරණ ගනු ලබන පාර්ශවයන්ට පහසුකම් සැපයීම මෙතුලින් බලාපොරොත්තුවන අතර, මුලික අදියර ලෙස, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක් සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) සමරකෝන් බණ්ඩාර මහතා සහ එම අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක්, වැඩසටහන සඳහා සම්පත් දාකත්වය සැපයු අතර, මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ගණකාධිකාරී ගැමුණු බංඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක ලේකම්වරුන් සහ විෂය නිලධාරීන් පිරිසක් ඒ සඳහා සහභාගීව සිටියහ.

මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්.

මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්. මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිනිපේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගිය 21දා පැවැත්විණ. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ඒ ජී ඩබ් අත්තනායක, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර, සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත ඇතුළු මහත්ම මහත්මීන් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි විය.

මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට.

මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට. මාතලේ හිග්ගොල්ල මාඩසාමි දේවාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම ඉකුත්දා (14) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ජාතික සංහිඳියාවට නව අර්ථයක් ලබා දෙමින් මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ පිහිටි මෙම බහු කාර්යය ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන3.5 මුදලක් යොදවා ඇත. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට.

“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට. අනාගත දරු පරම්පරාව දැනුමැති පුද්ගලයින් බවට පත් කිරීමේදී කියවිමේ පුරුද්ද ගොඩනගානැගීම මේ යුගයේ කාලින අවශ්‍යතාවයක් බවට පත්වී ඇති බවත්, පුර්ව ළමාවියේ සිට මෙය පුරුද්දක් ලෙස ගොඩනගා ගැනීමෙන් ජිවිතයේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් ලැබෙන බව මධ්‍යම පළාත් පළාත් පලාන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය පවසයි. “කියවන රටක් - දැනුමැති හෙටක්” යන තේමාව යටතේ ජාතික කියවීමේ මාසයට සමගාමිව වත්තේගම නගර සභාව මගින් ස්ථාපිත කරන ලද ළමා පුස්තකාලය හා කියවීම් ශාලාව ජනසතු කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහත්මිය මෙලෙස පැවසිය. මෙම උත්සවය ඒ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) වත්තේගම නගරයේ දී සිදු කෙරින. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පළාත් පලාන කොමසාරිස්වරිය , රටක් ලෙස ඉදිරි ගමනක් සදහා වඩා හරවත් වූ ක්‍රියාවලින් සමාජ ගත කිරීමේ කාර්යයයේදී පළාත් පලාන ආයතන මගින් නාගරීක හා ග්‍රාමීය ප්‍රජාව වෙත වඩා හිතකර හා කාර්යයක්ෂම සේවාවක් ලබාදීම සිදු කරනු ලබන බවත්, පළාතේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් මහජන පුස්තකාල සේවාවන් මගින් දරුවා සමාජගත කිරීම සදහා පදනමක් ගොඩනැගීමට වැඩි දායකත්වයක් ලබාදෙන බව ද පැවසිය. වත්තේගම ප්‍රදේශයේ ජිවත් වූ ඉන්දීය ජාතික එස්.නඩේෂන් මහතාගේ පවුලේ අය විසින් මිට වසර 45කට ඉහතදී වත්තේගම නාගරික ප්‍රදේශයේ පිහිටි මෙම භුමිය නගර සභාව වෙත පවරා දී ඇත්තේ ළමුන් සදහා කියවීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරිම වෙනුවෙනි. එම අරමුණ ඉටු කරමින් පසුගිය සභාවේ අනුමැතියෙන් හා ඒකමතිකත්වයෙන් වත්තේගම නගර සභාව විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකර නාගරික ප්‍රදේශයේ දරුවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය කටයුතු යොදා ඇති අතර මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 35කි. මෙහිදී දරුවන් වෙත පුස්තකාල සාමාජිකත්වය පිරිනැමීම ද සිදු කෙරින. මෙම අවස්ථාව සදහා නගර සභාවේ හිටපු උප සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු හිටපු මන්ත්‍රිවරුන් , නගර සභාවේ ලේකම් පි.එස්.බි.මඩුගල්ලේ , පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානි ධර්මරත්න , විමර්ශන නිලධාරින් ,ප්‍රජා සංවර්ධන නිලධාරින් ,අවට විදුහල්වල විදුහල්පතිවරුන් , පුස්තාකාල සංවර්ධන කමිටු සාමාජිකයින්, බැංකු කළමනාකරුවන් , විමර්ශන නිලධාරින් ,ප්‍රජා සංවර්ධන නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහන.

මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහනක් 21 දා පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.නිලධාරීන්ගේ පෞර්ෂ සංවර්ධනය වෙනුවෙන් පැවති මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රවීන දේශක හා ජාතික පුහුණුකරු චානක සෙන්දනායක මහතා විසින් ලබාදෙන ලදී. පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මගපෙන්වීම මත දෙපාර්තමේන්තුවේ නිර්මාණශීලි වැඩසටහන් අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර පැවතුනි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook