පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මඟ පෙන්වීමෙන් අයවැය හා වැටුප් ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී, මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන ආයතනවල විෂය නිළධාරින් හා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ විමර් ශන නිළධාරින් වෙනුවෙන් පැවැත්විණි.
නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පසුගිය 03 දින පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර් යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(මුදල්) ජී.එම්.කේ. ඒකනායක මහතා හා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.ජී.එම්.කේ. බංඩාර මහතා විසින් ලබාදෙන ලදී.
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමිව මාළිගා පුරන, ගම්පොලවෙල ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා පවත්වන ලදී.
අහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැස්වීම සදහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිය යටතේ ගලේවෙල ප්‍රාදේශීය සභවේ පරිසර අංශය හා ගලේවෙල මහජන පුස්තකාලය එක්ව ක්‍රියාත්මක කරන ලද බිම්මල් වගාව පිළබදව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.
කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව උපාය මාර් ගික සැළසුම් සකස් කිරීම හා හා එම සැළසුම් ක්‍රියාවට නැංවීම පිළිබඳ පළාත් පාලන ආයතන වල පරිසර නිළධාරින් , ප්‍රජා සංවර් ධන නිළධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය 28 දින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙහි සම්පත්දායකත්වය, පළාත් පාලන දෙපාර් තමේන්තුවේ මූලස්ථාන ප්‍රජා සංවර් ධන නිළධාරි එච්.එම්. ධම්මික හේරත් මහතා විසින් විසින් ලබා දෙන ලදී.
පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් බලප්‍රදේශයේ අලෙවිසැල් හා පොදු ආහාර අලෙවි කරනු ලබන ස්ථානයන්හි සෞබ්‍යයාරක්ෂිතව ජනතාව වෙත අලෙවි කටයුතු සිදුකිරීම් පරික්ෂාව සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව දිඹුල්ගමුව කොට්ඨාශයේ වෙළඳ සැල් පරික්ෂාව හා සාම්පල් ලබාගැනීම පසුගියදා සිදු කරන ලදී.
- ගෙවතු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමක් - උකුවෙල ප්‍රාදේශීය සභාව
- ඇඹිල්මීගම ප්‍රදේශයේ නානුඔයට කසල , අපජලය හා වැසිකිලි අපජලය යොමු කරන වෙළඳ ආයතන, හොටෙල් හා නිවාස පරික්ෂා කිරීමේ වැඩසටහනක්.
- ජනප්‍රිය කලා ශිල්පී සහන් රංවල මගෙන් ගසක් මහනුවරට වැඩසටහනට.
- අමුණුගම ගුන්නෑපාන පොල්ගොල්ල ගබඩාගම ප්‍රදේශය ආවරණය කරමින් ඩෙංගු මර්දනය උදෙසා දැනුවත් කිරීම සහ නොදිරන ද්‍රව්‍ය රැස්කිරීමේ වැඩසටහනක්
