ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් මධ්‍යම පළාත් පාසල් තරගාවලියක්.

ලෝකය දිනන දරුවෙකු සමාජගත කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරෙන රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් මධ්‍යම පළාත් පාසල් තරගාවලිය (Annual Innovation and Robotic Exhibition -2022)  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (04)  ගුරුදෙනිය අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරින. 

 

මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක් නියෝජනය කරමින් පාසල් විශාල ප්‍රමාණයක් මෙම තරගාවලිය සදහා ඉදිරිපත් වූ අතර , තරග ක්ෂේත්‍රයන් ලෙස නිෂ්පාදන කර්මාන්ත හා පරිසර අධ්‍යාපන ,අධ්‍යාපන ක්ෂේත්‍රය ,ඉංජිනේරු තාක්ෂනය හා නිෂ්පාදන ක්ෂේත්‍රය ,විනෝදාශ්වාද ක්ෂේත්‍රය ,සෞබ්‍යය හා වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයන් ඇතුලත් වේ. මෙහි සමාරම්භක අවස්ථාව සදහා අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) චම්පිකා මායාදුන්නේ , අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ(සංවර්ධන)සාරුදින්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මංගලිකා දිසානායක , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජි.හේරත් බණ්ඩා යන මහතාම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

කුළුගම්මන ප්‍රේමරතන මහා විද්‍යාලයේ දෙමල භාෂා දිනය උත්සවාකාරයෙන් සැමරේ .

කටුගස්තොට ,හාරිස්පත්තුව අධ්‍යාපන කොට්ඨාශයේ කුළුගම්මන පේමරතන මහා විද්‍යාලයේ දෙමල භාෂා දිනය උත්සවාකාරයෙන් සැමරේ .

2022 වර්ෂයේ දෙමල භාෂාව ඉගැන්වීම සදහා පාසලට පැමිණි නිරෝෂා ෆරින් ගුරුතුමියගේ හා සංවර්ධන නිලධාරි පර්නිකා මහත්මියගේ කැපවීම මත දෙමල ඒකකයක් පිහිටුවීමත්, පරිත්‍යාග ශිලින්ගේ හා දෙමාපියන්ගේ ආධාර උපකාර සපයා ගනීමින්  ඒකකයට අවශ්‍ය භෞතික සම්පත්  සපයා ගනිමින් පාසලේ දුදරුවන්ගේ සහජ හැකියාවන් ප්‍රවර්ධනය සදහා දෙමල ඒකකය පිහිටුවීමට පියවර ගත්  බවත් මාස හයක් වැනි කෙටි කාලයක් තුල මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමට හැකිවීම දෙමල ඒකකයේ ගුරුවරුන්ගේ හා දරුවන්ගේ කැපවීම බව  විදුහල්පති සිරිල් ඥාණරත්න   මහතා  පැවසිය .

ඒ අනුව පාසලේ 1 සිට 13 වසර දක්වා සියලු පන්තිවල දුදරුවන් විවිධ නිර්මාණ සදහා දායක කර ගනිමින් නැටුම් ගැයුම් ඇතුලත් විවිධ සංස්කෘතිකාංග ඇතුලත්ව දෙමල භාෂා දිනය උත්සවාකාරයෙන් පැවැත්වීමට පියවර ගෙන තිබුණි .දෙමල භාෂා දිනයට සමගාමිව විවිධ අංශ යටතේ පවත්වන ලද තරග සදහා සහතිකපත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

 හාරිස්පත්තුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක චලනි පේමරත්න, දෙමල  භාෂා විෂය අධ්‍යක්ෂ   එම්.ඒ.ඇසිමා යන මහත්මින්ගේ   ප්‍රධානත්වයෙන් පැවති අතර    ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන්  මෙම අවස්ථාවට සහභාගී විය .

පාසල් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමට වැඩසටහනක්.

පාසල් මට්ටමින් යෞවන සමාජ පිහිටුවා යෞවනත්වය සවිමත් කිරීමට ජාතික තරුණ සේවා සභාව පියවර ගනී.     

ජාතික තරුණ සේවා සභාව සිය කාර්‍යභාරය පුලුල් කරමින් යෞවන සමාජ පාසලට මැයෙන් පාසල් මට්ටමේ යෞවන සමාජ පිහිටුවාලීමේ වඩසටහනක් දීප ව්‍යාප්තව ආරම්භ කරයි.      මෙහි මහනුවර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන (20) පෙරවරුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පලාත් ආන්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.      මහා ස0ඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ධර්මරාජ විදුහලේ සිසුනගේ සහභාගීත්වයෙන් ඇරැඹි මේ වැඩසටහන සදහා පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එස්.දිසානායක මහතා ඇතුලු නිලධාරිහු ද, ධර්මරාජ විදුහල්පති කමල් ආරියවංශ මහතා ඇතුලු ආචාර්ය මන්ඩලයේ පිරිසක්ද එක්ව සිටියහ.     මෙහිදී මහනුවර ධර්මරාජ විද්‍යාලයිය යෞවන සමාජය සදහා වූ නිලධාරි මණ්ඩලය සිසුනගේ යෝජනා ස්ථිරත්වයෙන් පත් කරගනු ලැබීය.   සාමාජික ධර්මරාජ් සිසුන් ඇතුලු රැස්ව සිටි පිරිස ඇමතු ආන්ඩුකාර ගමගේ මහතා දේශයේ තාරුණ්‍යයට පැහැබර අනාගතයක් උදා කරදෙන මෙම වැඩසටහනේ පරමාර්ථ හා ක්‍රියාකාරිත්වය ඇගැයීමට ලක් කළේ නව නිලධාරි මණ්ඩලයට සිය උනුසුම් සුබපැතුම් පිරිනමමිනි.    පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස  මහතා හා මහනුවර තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ එස්.දිසානායක මහතා ද , ධර්මරාජ විදුහල්පති කමල් ආරියවංශ මහතා ද සභාව ඇමතූහ.FB IMG 1666402829802

“සමස්ත ලංකා ජෝන් බී කල් අනුශූරාවය” ප්‍රථම වරට කන්ද උඩ රටට හිමිකරදුන් හැකියාවෙන් දිනු දරුවන් ඇගයේ !

“සමස්ත ලංකා ජෝන් බී කල් අනුශූරාවය” ප්‍රථම වරට කන්ද උඩ රටට හිමිකරදුන් හැකියාවෙන් දිනු දරුවන් ඇගයේ !

රටෙන් අපට නොව අපෙන් රටට යන ආදර්ශය ලබාදීමේ යුගයකට මෙරට පරිවර්තනය කළ යුතුයි. රජය විසින් හෝඩියේ සිට උසස් පෙළ දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වාගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සහනයන් නොමිලේ රජය ලබාදෙන්නේ. උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ජිවත්වීම සදහා රැකියාවකුත් රජය ලබාදෙනවා. මේ සියලු දේ ලබාදීලත් පුරවැසියන් ලෙස රට ගැන හිතනවාද යන්න අද ගැටළුවක් බවට පත්වෙලා. රටෙන් තමන්ට ලැබෙන්නේ මොනවාද යන්න වෙනුවට තමන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉටුකිරීම සදහා සියලු භේදයන් නොසලකා සැවොම එක්ව කටයුතු කළ යුතුකාලය උදාවී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ ඉකුත්දා (17) සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට ඇගයීම් කඳවුරේදී සමස්ත ලංකා අනුශූරතාවය දිනාගනිමින් මධ්‍යම පලාතට විශේෂ ජයග්‍රහණ රැසක් අත්කර දුන් වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් කටුගස්තොට මහවැලි ද්වීතික පාසලේ ශිෂ්‍යභට කණ්ඩායම ඇගැයීමට ලක් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙම තරගාවලිය පසුගියදා රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ දී පැවත් වූ අතර කණ්ඩායම් 45ක් අතරින් අනුශූරතාව හිමිකර ගැනීමට මහවැලි ද්වීතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම සමත් වූයේ ප්‍රථම ස්ථානයට ලකුණු අටක් පසුපසින් වීම විශේෂත්වයකි. සමස්ත ලකුණු 900 න් ලකුණු 892ක් හිමිකර ගැනීමට මෙම කණ්ඩායම සමත් වී ඇත.
තරගාවලියේ දී අංශ හයක් යටතේ විශේෂ දක්ෂතාවයන් දැක්වීමට මෙම විද්‍යාලිය කණ්ඩායම සමත් විය. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අංශයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය, අධ්‍යක්ෂ නිරීක්ෂණ අංශයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය, භට නිවාස පරීක්ෂණයෙන් දෙවන ස්ථානය, ඝන සරඹ අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය, දක්ෂතම අණ දෙන්නා (ශාරීරික අභ්‍යාස),දක්ෂතම අණ දෙන්නා (ඝන සරඹ), සමස්ත ලංකා දක්ෂතම සැරයන් සමඟ “සමස්ත ලංකා ජෝන් බී කල් අනුශූරාවය” ප්‍රථම වරට කන්ද උඩ රටට හිමිකරදීමට මෙම විද්‍යාලය සමත් වී ඇත.
විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඩී.ඒ.දෙහිගස්තැන්න මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය වූ මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසූරිය, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, මධ්‍යම පළාත් ජාතික ශිෂ්‍යභට අධ්‍යක්ෂ කර්නල් අනුර කුමාර, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ මනෝජ් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් හා අවට විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රංගම මහා විද්‍යාලයේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනය සැමරීමක්.

රංගම මහා විද්‍යාලයේ මූලිකත්වයෙන් කලාපයේ පාසල් 10 ක සිසු සිසුවියන් ගේ සහභාගිත්වයෙන් ශ්‍රි ලංකා යුධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සුභ සාධන අංශයේ පුර්ණ සහයෝගයෙන් කලාප ලෝක ළමා දිනය සැමරීම 2022.09.30 දින සිදු කරන ලදී.
මීට සමගාමීව ලෝක ලමා දින සැමරුම හා නායකත්ව පුහුණු වැඩසටහනක් ද පැවැත්විනි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook