ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්. වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේවංශ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් පසුගිය (19) දින මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මාතලේ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එම්.සී.පී. හිඳගොඩ මහත්මියගේ සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ගමගේ මහතාගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

නවීන ලෝකයේ පවතින ක්‍රමවේද ලංකාවේ පාසල්වලටත්! ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මාර්තු 31 සිට දිවයින පුරා

නවීන ලෝකයේ පවතින ක්‍රමවේද ලංකාවේ පාසල්වලටත්! ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මාර්තු 31 සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් ! නවීන ලෝකයේ මේ වනවිට ක්‍රියාත්මකව පවතින ස්ටීම් අධ්‍යාපන වැඩසටහන (STEAM Education) හෙවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂයන්ට එක් වූ සෞන්දර්යාත්මක විෂයන් ද සහිත අධ්‍යාපන ක්‍රමවේදය මාර්තු 31 වැනිදා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. මේ සම්බන්ධව එක වර පළාත් 9 තුළ සමුළු 59ක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් එහි ප්‍රධාන වැඩසටහන කොළඹ නව රඟහලේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ද අමාත්‍යවරයා කීය. තර්ස්ටන් විද්‍යාලයීය ‘පර්සෙප්ෂන්ස් ‘23 (Perceptions ’23)’ චිත්‍ර ප්‍රදර්ශනයේ චිත්‍ර තරගයේ සහතික හා ත්‍යාග ප්‍රදානෝත්වයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදී ඇමතිවරයා කියා සිටියේ පාසල් අධ්‍යාපනයෙන් අතරමග නවතින දරුවන් සියලු දෙනාට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීමට ඊට අදාළ සියලු ආයතන හා සම්බන්ධීකරණයෙන් ක්‍රියා කරන බවයි. සෑම දරුවකුම කුමන හෝ වෘත්තීය සුදුසුකමක් ලබාගත යුතු අතර දෙමාපියන්ගේ වගකීම වන්නේ ද පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කිරීම සඳහා ඔවුන් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට යොමු කිරීම බව අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ දිශානතිය වෙනස් විය යුත්තේ කුසලතා පූර්ණ දිශාවට බවත් ඉදිරියේ දී සිදු කරනු ලබන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් අපේක්ෂා කරනුයේ ද නිපුණතාවන්ගෙන් හෙබි සමබර දැනුමක් හා මානසික සංවර්ධනයක් ලබා සිටින නිර්මාණකරුවන් බිහි කරගැනීම බවත් , අප දරුවන් අවශ්‍ය දැනුමින් සන්නද්ධ ව සිටින අතරම ආකල්ප වෙනස් කළ යුතු ව ඇත්තේ දරුවන්ගේ නොව වැඩිහිටියන්ගේ බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. තොරතුරු තාක්ෂණ විෂයේ ඊළඟ අදියරට ප්‍රවේශ වී කෘත්‍රීම බුද්ධි විෂය ද දරුවන්ට උගන්වමින් නිපුණතාවලින් හෙබි නව නිපැයුම් කරුවන් බිහි කෙරෙන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ප්‍රායෝගිකත්වයට නැංවීම සඳහා ආර්ථික අභියෝග රැසක් හමුවේ වුවද අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහි

කොත්මලේ ට නව ප්‍රාදේශීය ලේකම්වරයෙක්.

කොත්මලේ ට නව ප්‍රාදේශීය ලේකම්වරයෙක්.

 

 

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ලෙස  කොත්මලේ හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ නදීර ලක්මාල් මහතාට අද (16) දින සිය ධූරයෙ වැඩ භාරගැනීම සිදුවිය.

 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙවන ශ්‍රේණීයේ නිලධාරියෙකු වන නදීර ලක්මාල් මහතා මීට පෙර කලවාන සහකාර ප්‍රාදේශීය ලේකම්,කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ සහාකාර අධ්‍යක්ෂ ,ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර / නියෝජ්‍ය පාලක හා කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම් යන තනතුරු දරා ඇත.

 

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook