මධ්‍යම පලාතට අංග සම්පුර්ණ නවීන තාක්ෂණයෙන් යුත් සේදුම් මධ්‍යස්ථානයක් .
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ සංකල්පයකට අනුව පළාත් මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මැදිහත් වීමෙන් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත්. යු. ගමගේ මහතාගේ මගපෙන්වීම මත ඉදිකරණ ලද වාහන සේදුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීම පසුගියදා අඹතැන්න යාන්ත්‍රික ඉංජිනේරු සේවා පරිශ්‍රයේ දී සිදු කෙරිණ.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වාහන මෙන්ම මධ්‍යම පළාත් සභාවේ, අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන සතු වාහන සැලකිය යුතු ප්‍රමාණයක් මෙතෙක් අලුත් වැඩියාවන් හා වාර සේවා කටයුතු සිදු කරනු ලැබුවේ යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය මගිණි.අලුත් වැඩියා හා වාර සේවාවෙන් පසු වාහන සේදීමේ හා පිරිසිදු කිරීම් සදහා පෞද්ගලික වාහන සේවා මධ්‍යස්ථාන වෙත යොමුකළ යුතුය .මේ සදහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇත. මෙයට විසදුමක් ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ සංකලපයකට අනුව මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ මගපෙන්වීම මත මධ්‍යම පළාත් සභා ආයතන සතු වාහන සේවා කිරීම තුලින් රාජ්‍ය වියදම අවම කිරීම,අමතර ආදායම් මාර්ග උත්පාදනය , ගුණාත්මක සේවයක් ලබාදීම, නව රැකියා අවස්ථා උදාකිරීම, සේවක සුභසාදනය ඉහල නැංවිම අරමුණුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. 2020 වර්ෂයේ මුල්ගල තැබූ මෙම ව්‍යාපෘතිය දෙවසරක කාලය තුල නිම කිරීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස කාගේත් ප්‍රසංසාවට බදුන් විය .
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත්. යු. ගමගේ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමවංශ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය .