ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

කසල කළමනාකරණය , ඩෙංගු රෝග පාලනය හා පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම..

කසල කළමනාකරණය , ඩෙංගු රෝග පාලනය හා පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් පැවැති වැඩසටහනක් පසුගියදා ගඟ ඉහළකෝරළේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට පැවති අතර ,ගඟ ඉහළකෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් සහ පරිසර අංශය මගින් මෙම වැඩසටහන මෙහෙය වනු ලැබිය.

 

නොදිරන කසල අපද්‍රව්‍යය කලමනාකරණය කිරීමේ වැඩසටහනක්

පන්විල ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ විවිධ ප්‍රදේශවල ඒකරාශී වී පවතින නොදිරන කසල අපද්‍රව්‍යය කලමනාකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට පැවතුනි.

 

යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව ගෙවතු වගාව...

යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව ගෙවතු වගාව සම්බන්ධව කාර්යාල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා සංවිධානය කොට පැවතුනි.

 

ENGLISH CAMP -2022

ENGLISH CAMP -2022
Many could make things better. But it's hard to make the best. But today we are all able to make the best out of the best. We do always for kids. And the ultimate happiness of all is kids. May Weeravikum Primary School shines one day with the great effort and dedication of the staff...
especially the English teachers Mr Rasika Nandarajan, Mrs Kalpani and Mrs Sherene Herath all together with the help of the rest of the staff.
Even we would like to give away our sincere gratitude to all who supported and assisted especially the chief guest Assistant Director of Administration Mr Janaka Muthukumarana, invited ISA Mrs Nadee Jayawardhana and all
. A big thanks to dearest all.

 

ධ්‍යම පළාත් රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලද නවක නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද අට වන සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය

මධ්‍යම පළාත් රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලද නවක නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද අට වන සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය අද දින (18 ) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

මෙම වැඩසටහනේ දී කාර්යාල කලමනාකරණය එහි මුලධර්ම හා කාර්යාල ක්‍රම පිළිබදව දැනුවත් කිරීම මධ්‍යම පළාත් නිවාස කොමසාරිස් කණිෂ්කා වඩුගොඩ මහත්මිය විසින් සිදුකරන ලද අතර දෙවන සැසිය ලෙස පළාත් සභාවේ මුල්‍ය කලමනාකරණ ව්‍යුහය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබදව දැනුවත් කිරීම පළාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ ) අබ්දුල් කාදර් මහතා විසින් සිදු කරන ලදී.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් සහභාගී වූ අතර මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook