ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක් සදහා අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක් සදහා අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ. මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන සදහා වන අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (4) පැවැත්විය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාවරයා සදහන් කර සිටියේ, පත්වීම් ලබා හුදෙක් තනතුරේ හැසිරීමට සීමා නොවී තම තනතුරේ රාජකාරී කටයුතු නිසියාකර ඉටුකිරීමට සිදුකළ යුතු බවත්, ව්‍යවස්ථාපිත ආයතන සතු ව පවතින කාර්යභාරය සුුළු පටු නොවන එකක් බවත් මනා අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම වැදගත් බවත් ය. තවද ජනතාව පෙරට වඩා ක්‍රියාකාරීව මෙම ආයතනවල ක්‍රියාවන් දෙස අවදානයෙන් සිටින බවත් රට මුහුණ දෙන අභියෝගය තේරුම් ගනිමින් මෙම ලැබෙන අවස්ථාව රට වෙනුවෙන් කැපවීමට ලද අවස්ථාවක් ලෙස සලකන ලෙසයි. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මින් ද එක් සිටියේය.

අගය එකතු කළ කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී.

අගය එකතු කළ කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී. ගය එකතු කළ කිතුල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (4) පැවැත්විය. මෙහිදී දේශීය නිෂ්පාදන විදේශීය වෙළදපොල තුල වඩා ගුණාත්මක අයුරින් අලෙවිකිරීමේ ඇති වැදගත්කම පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙන්වාදීම සිදු වු අතර, ඒ ඔස්සේ රට තුලට විදේශ විනිමය ගෙනඒමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද පළාත් ආණ්ඩුකාරවරයා පැහැදිලි කරමින්, නව ක්‍රමවේදයන් ඔස්සේ දේශීය නිෂ්පාදන සැකසීමේ අවශ්‍යතාවය පෙන්වා දීම සිදුවිය. මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ද GREEN GLOBAL ආයතනයේ නියෝජිතයින් පිරිසක් ද එක් විය.

75 වන නිදහස් සමරුව වෙනුවෙන් වික්ටෝරියා වේල්ලේ මහා පිරිත සජ්ජායනාවක්.

75 වන නිදහස් සමරුව වෙනුවෙන් වික්ටෝරියා වේල්ලේ මහා පිරිත සජ්ජායනාවක්. පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන ශ්‍රිලංකාවේ 75 වන නිදහස් සමරු උළෙලේ ජාතික උත්සවයට සමගාමී ව පළාත් මට්ටමෙන් ද සැමරුම් උළෙල ඉතා අභිමානයෙන් සැමරීමට සැලසුම් කෙරේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ මග පෙන්වීම මත රටට සහ රට වැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් නිදහස් චතුරශ්‍රයේ පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් දේශනාවට සමගාමිව පළාත් මට්ටමින් මහා පිරිත් දේශනාවන් සහ සර්ව ආගමික වතාවත් පැවැත්වීමටත් , සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ට්මින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් රුක් රෝපණ වැඩසටහන් 75 ක් බැගින් සංවිධානය කිරීමටත් යෝජිතවේ. ග්‍රාමීය ආර්ථික පුනර්ජිවන හා ආහාර සුරක්ෂිතතා කමිටු 75 ක් , හොදම ගෙවතු 75 ක් සහ හොදම ශ්‍රමදාන වැඩසටහන් 75 ක් තෝරා ත්‍යාග සහ සහතික බෙදා දීමටත් පියවර ගැනේ. ගංගා ඉවුරු , වැව් හා ජලාශ අවට, මහාමාර්ග හා වාරිමාර්ග දෙපස ,රජයේ මෙන් ම පෞද්ගලික අංශයේ කාර්යාල හා කර්මාන්ත ශාලා පරිශ්‍ර හා සෑම ගෘහයකම රුක් රෝපණය කිරීමටත් කටයුතු කෙරේ. මේ සදහා ශ්‍රමදාන වැඩසටහන් ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ට්මේන් ප්‍රජා සහභාගිත්වයෙන් සංවිධානය කෙරේ. දිස්ත්‍රික් මට්ට්මේ ජාතික නිදහස් සැමරුම් උළෙල අභිමානවත් හා චාම් ලෙස පැවැත්වීමට සැලසුම් කෙරේ. මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ආගමික වැඩසටහන් වික්ටෝරියා වේල්ල මත මහා පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමටත් , හින්දු ආගමික වතාවත් මහනුවර කටුකැලේ සෙල්ල විනයාගර් කෝවිලේදීත්, ඉස්ලාමිය ආගමික වතාවත් මහනුවර මීරා මක්කම් පල්ලියේ දීත්, කිතුනු ආගමික වතාවත් මහනුවර ශාන්ත අන්තෝනි පල්ලියේ දීත් පැවැත්වීමට නියමිතවේ. මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය පල්ලේකැලේ ශ්‍රීලංකා යුධ හමුදා රයිෆල් බලකා මුලස්ථාන පරිශ්‍රයේ දී පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 04 දා පෙරවරු 8.30 ට ආරම්භ කෙරේ. මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික් උත්සව ඒ ඒ දිස්ත්‍රික් ලේකම් වරුන් විසින් සංවිධානය කෙරේ. මෙම සංවිධාන කටයුතු පිළිබද මුලික සාකච්ඡාවක් අද පස්වරුවේ මහනුවර ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේ දී පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු මෙම කාර්ය හා සම්බන්ධිත සියලු ආයතන වල ප්‍රධානින් ගේ සහභාගිත්වයෙන් පැවැත්විය

අධ්‍යාපන පරිපාලනයට නව ප්‍රතිසංස්කරණ.

අධ්‍යාපන පරිපාලනයට නව ප්‍රතිසංස්කරණ. අධ්‍යාපනය මෙරට ප්‍රමුඛතම මාතෘකාවක් වන බවත්, සියලු දේශපාලන බලවේග ඒ බව සිහි තබා ගැනීම වැදගත් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටී. එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් අධ්‍යාපනය නව දිශානතියක් කරා යොමු කොට එහි ඵලදායිතාව ඔප් නැංවීම අත්‍යවශ්‍ය බව ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා ඊට අදාළ ව දක්වන උනන්දුව අගය කළ යුතු බව ද ඔහු තවදුරටත් සඳහන් කරයි. ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ මධ්‍යම පළාතට අදාළ සම්මන්ත්‍රණයේ මුලසුන දරමිනි. පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (04) පෙරවරුවේ පැවති මේ සම්මන්ත්‍රණය පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ තිබිණි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක කහගල සීලානන්ද හිමියන්ද සම්මන්ත්‍රණයට සහභාගී වූහ. ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක හා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ යන මහත්වරු ද, එම්. රමේශ්වරන් හා එම්. වේළු කුමාර් යන මහත්වරු ද මධ්‍යම පළාතේ පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස මෙයට එක්ව සිටියහ. එසේම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා හා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න මහත්මිය ද, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා ද සමඟ පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හා මධ්‍යම පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ද, සැලසුම් අධ්‍යක්ෂවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. රේඛීය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අංශ 09 ක් මූලිකව හඳුනා ගැනේ. ඉන් අවධාරණය කරන කරුණු 14කි. අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ අවස්ථා 07 ක් යටතේ සඳහන් කෙරේ. ඒ පාසල් පොකුරු නිර්මාණය, පාසල් සංවර්ධන මණ්ඩල, කලාප තාර්කීකරණය , පාසල් පැතිකඩ, පළාත් දෙපාර්තමේන්තු හා කලාප කාර්යාල ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම හා විෂය පාදක ගුරු සංසද වශයෙනි. පළාතේ දැනට ක්‍රියාත්මක කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 15 සිට 20 දක්වා ඉහළ නැංවීමට යෝජනා කෙරෙන්නේ ඊට අනුකූලව ය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය කලාප අධ්‍යාපන කාර්යාල 08 කින් ද , මාතලේ දිස්ත්‍රික්කය කලාප අධ්‍යාපන කාර්යාල 05 කින් ද, නුවරඑළිය දිස්ත්‍රික්කය කලාප අධ්‍යාපන කාර්යාල 07 කින් ද සමන්විත වනු ඇත. මහජන නියෝජිතයන් හා පළාත් අධ්‍යාපන බලධාරීන් මෙහිලා එකඟ වූ කරුණු හා යෝජනා රේඛීය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා මෙම නව වැඩ පිළිවෙලේ සංයුතිය හා අරමුණ පැහැදිලි කළේ ය. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්.එස්.ඩී. දිසානායක මහතා එහි දැක්වෙන කරුණු සාකච්ඡාව සඳහා යොමු කළේ ය.

මධ්‍යම පළාත් නව ඉඩම් කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මනෝෂා විජේතුංග මහත්මිය වැඩ භාර ගනී.

මධ්‍යම පළාත් නව ඉඩම් කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මනෝෂා විජේතුංග මහත්මිය වැඩ භාර ගනී. ................................................................................. මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ලෙස මනෝෂා විජේතුංග මහත්මිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් පත්කොට ඇති අතර ඒ මහත්මිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ඊයේ (04) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දී සිදු කරන ලදී. කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු අවසන් කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව භූගෝල විද්‍යාව විශේෂවේදී උපාධියත් , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ටික විද්‍යා අංශයෙන් සංවර්ධනය පිළිබද පශ්චාත් උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් (master of development practices) ලබාගෙන ඇති මනෝෂා විජේතුංග මහත්මිය රාජ්‍ය සේවයට එක් වන්නේ 2010 වර්ෂයේදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන) ලෙසිනි. ඉන් අනතුරුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් , මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර ඉඩම් කොමසාරිස් ලෙස හා නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් ලෙස සේවය කොට ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 12ක අත්දැකීම් සහිත නිලධාරිනියක් වේ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook