ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පාතදුම්බර ප්‍රාදේශීය සභාව මගින් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කෙරේ!

පාතදුම්බර ප්‍රාදේශීය සභාව මගින් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කෙරේ!
වඩාත් ජනතාවාදී පළාත් පාලන යාන්ත්‍රණයක් වෙනුවෙන් පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස්විය යුතු බවත් , අද පවතින්නේ කොට්ඨාශ ක්‍රමය හා සමානුපාතික ක්‍රමය මිශ්‍රවී පළාත් පලාන ක්‍රමයේ විකෘති වූ ස්වරුපයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ පාතදුම්බර ප්‍රාදේශීය සභාවට අයත් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
අද දින (10) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් නවීකරණය කරන ලද නාපාන ශ්‍රවනාගාරය හා උත්සව ශාලාව විවෘත කිරීමේ සිදු කෙරෙන.
මෙහි සියලු පහසුකම් සහිත අංගසම්පුර්ණ ශ්‍රවනාගාරයක් හා උත්සව ශාලාවකින් සමන්විත වන අතර, බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කාලින අවශ්‍යතාවයක් වූ මෙය අද දින සිට ජනතාව වෙත විවෘතව පවතී. සේවා සැපයීම හා ආදායම් උත්පාදන ක්‍රියාවලිය වඩා යහපත් ලෙස ඉටුකිරීමේ අරමුණ ඇතිව කාලින අවශ්‍යතා හදුනාගනිමින් ප්‍රාදේශීය සභාව මහින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වා ඇත. මෙම උත්සව ශාලාවේ ධාරිතාවය ආසන 300ක් වේ.
මෙම වැඩසටහනට සමගාමිව නාපාන ප්‍රදේශයේ පදිංචි දිනාරා ආරියරත්න දියණිය විසින් රචිත “කුරුළු පැටව්” ග්‍රන්ථය එළිදැක්වීමද සිදු කරන ලදී. 2021 වසරේ පුස්තකාල සංවර්ධන වැඩසටහනට සමගාමිව පවත්වන ලද අන්තර් පුස්තකාල හා ප්‍රාදේශීය තරගාවලින් මෙන්ම පළාත් තරගවලින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන් සදහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම සහ ඊ නැණ පියස තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ දරු දැරියන් සදහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම ද සිදු කෙරින.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් බෙලිගොල්ල, පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක කිර්ති බණ්ඩාර අබේසිංහ , උප සභාපති එස්.බි.වෙලගෙදර ,විපක්ෂ නායක අතුල බණ්ඩාර ඒකනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ,වත්තේගම නගර සභාවේ සභාපති රවින්ද්‍ර බණ්ඩාර ,පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති වී.සෙනෙවිරත්න , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර ) නිලුකා බුලත්ගේ ,පළාත් ඉංජිනේරු අධක්ෂ එච්.ඒ.වික්‍රමසිංහ,පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන්, ප්‍රාදේශීය සභාවේ ලේකම් ශ්‍රියානි ධර්මරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

 

මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට !

මධ්‍යම පළාත් පැසිපන්දු ජය මහනුවරට !
මධ්‍යම පළාත් පැසිපන්දු තරගාවලිය පසුගියදා මහනුවර මහ නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කොට පැවති අතර මෙහිදී මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් තරගවදින ලදී.
තරගාවලියේ පිරිමි හා කාන්තා අවසන් තරගයන් සදහා මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම හා මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සුදුසුකම් ලබාගන්නා ලදී. පිරිමි තරගයේ දී මහනුවර කණ්ඩායම ශුරතාවය දිනා ගැනීමට සමත් වූ අතර , එහි අනුශූරතාව මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට හිමි විය. කාන්තා අවසන් තරගයේදී මාතලේ කණ්ඩායම පරාජයට පත් කරමින් මහනුවර කණ්ඩායම ශුරතවය හිමිකර ගන්නා ලදී. එහි අනුශුරතාවය මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම සතු විය.
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ සහතිකපත් හා පදක්කම් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තුෂාරි සමරතුංග මහත්මිය එක්විය. තරගාවලියේ සම්බන්ධිකරණ ක්‍රීඩා නිලධාරි මුදිත බණ්ඩාර මහතා කටයුතු කරන ලදී.

 

 

පන්විල 5 ශ්‍රේණියේ සිසු සිසුවියන්ට නව අධ්‍යාපනික අත්දැකීමක්....

පන්විල 5 ශ්‍රේණියේ සිසු සිසුවියන්ට නව අධ්‍යාපනික අත්දැකීමක් පන්විල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 24ක ඉගෙනුම ලබන 5 ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ ශිෂ්‍යත්ව විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය පරිදි සංවිධානය කළ විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය දා පන්විල පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මෙහිදී සිසු සිසුවියන්ට සිය පෙළ පොත් විෂයෙහි සඳහන් වූ සියලු පාඩම් ආදිය අදාළ උපකරණ හා නිර්මාණ ද සමඟ ප්‍රායෝගිකව හැදෑරීමේ අනගි අවස්ථාවක් උදා විය. කොට්ටාශයේ එක් පාසලකට එක් ප්‍රදර්ශන කුටියක් බැගින් නිශ්චිත තේමාවක් යටතේ වෙන් කර දී තිබිණි. 5 ශ්‍රේණියේ සිසු සිසුවියන් සේම ඔවුනගේ ගුරු භවතුන්ද මහත් උනන්දුවකින් ප්‍රදර්ශනයට සහභාගී වී සිටියහ.ප්‍රදර්ශනය අවසන රාජ්‍ය නොවන සංවිධානයක මැදහත්වීමකින් හොඳම හා සාර්ථක ම ප්‍රදර්ශන කුටිය නිර්මාණය කළ පාසල් වෙත ත්‍යාග ද පිරිනමන ලදී. ප්‍රදර්ශන කුටි සකස් කිරීමට ද එම සංවිධානය අනුග්‍රහය දක්වා තිබිණි. ප්‍රදර්ශනයට සමගාමීව සිසු සිසුවියන් ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන හා රාජ්‍ය ආයතන වෙත කැඳවා ගෙන ගොස් ඒවායේ වත් පිළිවෙත් හා කාර්යයන් පිළිබඳ ව ඔවුනට අවබෝධයක් ලබා දීමට ද සංවිධායකයෝ පියවර ගත්හ. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ටී.එන්. ගුණරත්න මහතා ද, පන්විල කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් වීරසිංහ මහතා ද මේ අවස්ථාවනට එක්ව සිටියහ. ප්‍රදර්ශනය සංවිධානය කළේ පන්විල කොට්ටාශ අධ්‍යාපන කාර්යාලය ,පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පන්විල ප්‍රාදේශීය සභාව යි.

“සුරකිමු මාවත්” වැඩසටහන - පාතදුම්බරින්.

“සුරකිමු මාවත්” වැඩසටහන - පාතදුම්බරින්.
පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක කිර්ති බණ්ඩාර මහතාගේ හා කාර්මික සේවා කමිටු සභාපති උදය සම්පත් බණ්ඩාර මහතාගේ අදහසක් මත නවමු ව්‍යාපෘතියක් ලෙස පාතදුම්බර බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙන "සුරකිමු මාවත්" ව්‍යාපෘතිය යටතේ මඩවල බංගලාගෙදර මාර්ගය සුද්ද පවිත්‍ර කර මාර්ගයේ පවතින සියලු ගැටලු නිරාකරණය කිරීමේ කටයුතු ඉකුත්දා සිදු කරන ලදී.
මෙම ව්‍යාපෘතිය මගින් මාර්ගයේ පවිත්‍රතාවයන් සිදු කිරීම ,කානු පද්ධතිය නවීකරණය , සුළු අලුත්වැඩියාවන් හා අක්‍රිය විදි ලාම්පු අලුත්වැඩියාව ඇතුළු කටයුතු සිදුකෙරෙන අතර බල ප්‍රදේශයේ පවතින කොට්ඨාශ 18 පදනම් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

 

නව සංචාරක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදව වූ විශේෂ සාකච්ජාවක්.

ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය අතින් පළමු ස්ථානයේ පසුවන මධ්‍යම පළාතේ සංචාරක කර්මානත්යේ ඉදිරි පියවරක් වෙනුවෙන් නව සංචාරක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් (06) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
රටතුළ පවතින විවිධ අර්බුද හමුවේ ඒවා ජය ගනිමින් පලාතක් ලෙස ඉදිරි පියවරක් තබමින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය ප්‍රබලව බලපානු ලබන අතර, සංචාරක කර්මාන්තයට දායකත්වය දක්වන සියලු පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් මධ්‍යම පළාත සදහා නව ක්‍රියාකාරී සංචාරක සැලැස්ම සැකසීමට නියමිත අතර කෙටි කාලින ,මාධ්‍ය කාලින හා දිගුකාලින වශයෙන් පස් අවුරුදු සැලැස්මක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. ජාතික සංචාරක වැඩසටහනට සමගාමිව ජාතික ,පළාත් හා ප්‍රාදේශීය වශයෙන් මෙය ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය.
පාරිසරික ,සංස්කෘතික , හා වෙනත් කේෂ්ත්‍රයන් හදුනාගනිමින් සංචාරකයින් ගෙන්වා ගැනීම, පළාත තුළ රදවා ගැනීම , විනෝදාස්වාද ක්‍රීඩා ඇති කිරීම ඇතුළුව නව ක්‍රියාකාරකම් ඇති කිරීම , ඇතුලත්ව මෙය මහනුවර ,නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික් පදනම් කර ගනිමින් සැකසීමට සැලසුම් කෙරේ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පසන් රත්නායක, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, පළාත් සංචාරක අධ්‍යක්ෂ අරුණි තිලකරත්න , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් )කේ.ජි.එස්.නිශ්ශංක,අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් , UNDP ආයතනයේ නිලධාරීන්, විද්වතුන් , ආරක්ෂක අංශ නියෝජිතයින්, සංචාරක මගපෙන්වන්නගේ සංගමයේ නිලධාරින් , කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ නිලධාරින් , සංචාරක හෝටල් නියෝජනය කරමින් පිරිස් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook