ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

2025 වර්ෂය සඳහා අයවැය සකස් කිරී‍මේ පුහුණු වැඩමුළුවක්.

2025 වර්ෂය සඳහා අයවැය සකස් කිරී‍මේ පුහුණු වැඩමුළුවක්. මධ්‍යම පළාතේ නගර සභා, ප්‍රාදේශිය සභා සඳහා 2025 වර්ෂය සඳහා අයවැය සකස් කිරී‍මේ පුහුණු වැඩමුළුවක් නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී (03) පැවැත්විණි. වත්තේගම නගර සභාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ සම්පත්දායක ලෙස පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරි ඩබ්.එම්.කේ.ජී.ආර්. බණ්ඩාර මහතා කටයුතු කළේය. මේ සඳහා මධ්‍යම පළාතේ නගර සභා, ප්‍රාදේශිය සභා ආයතන නියෝජනය කරමින් ලේකම්වරුන් සහ විෂය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මිණිපේ පුරවරය ඒකාලෝක කිරීමට ප්‍රාදේශීය සභාවෙන් නව ව්‍යාපෘති රැසක්.

මිණිපේ පුරවරය ඒකාලෝක කිරීමට ප්‍රාදේශීය සභාවෙන් නව ව්‍යාපෘති රැසක්. මහනුවර දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමට සීමාවූ මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අනාගත අභිවෘද්ධිය උදෙසා නව ආදායම් උත්පාදන ව්‍යාපෘති ගණනාවක් දියත් කිරීමට ප්‍රාදේශීය සභා කාර් යය මණ්ඩලය සැලසුම් කොට ඇත. එහි මුල් පියවර ලෙස ඉතා ඉහල සුර්යාලෝකයක් වසරේ වැඩිකාලයක් ලැබෙන මෙම කලාපයේ ආශ්‍රිතව පුනර්ජජනිය බල ශක්ති උත්පාදන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. සභා ගොඩනැගිල්ලේ වහල ආශ්‍රිතව ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය ට සභාව සතු ගොඩනැගිලි ආශ්‍රිත සුර්ය පැනල සවිකිරීමට ත් , එයින් උත්පාදිත විදුලිය ජාතික විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීමටත් නියමිතය. ප්‍රදේශයේ ජනතා වෙත පිරිපහදු කරන ලද පිරිසුදු පානිය ලබා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමටත්, විවධ රෝගාබාධ තත්වයන් ට මුහුණ දෙන බල ප්‍රදේශයේ ජනතාවට පිරිසුදු පානිය ජලය ඉතා සාධාරණ වූ මිලකට , පහසුවෙන් ලබා දීමටත් මේ මගින් අපේක්ෂා කෙරේ. එම ජලය බවුසර් සහ බෝතල් මගින් බෙදා හැරීමට සැලසුම් කොට ඇත. සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන පිළිබද දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමටත්, රත්න ඇල්ල , මහනුවර - පදියතලාව ප්‍රධාන මාර් ගයට ඉතා හොදින් දර් ශනය වන ගුරුළුපොත ප්‍රදේශය ආශ්‍රිතව නැරඹුම් මැදිරියක් ඉදිකිරීමටත්, සනීපාරක්ෂක පහසුකම් සහිත කුඩා කඩ විදියක් මාර් ග සංවර් ධන අධිකාරිය සහ වන ජීවි දෙපාර් තමේන්තුව සහ ඒකා බද්ධව සකස් කිරීමටත් යෝජිතය. සුන්දර සහ ඵෙතිහාසික වටිනාකමකින් යුතු 18 වංගුවට පිහිටි විසිරුණු සොබා දහමින් පෝෂිත වූ ප්‍රදේශය ආරක්ෂා කිරීමේ සහ සිත් සේ අවස්ථාව සලසා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියත්මක කිරීමට සැලසුම් කෙරේ. හසලක නගරය ට නව පෙනුමක් ලබා දෙමින් ජන ආකර් ශිත නගරයක් ලෙස සංවර් ධනය කිරීමටත්, නගරාසන්නයේ පිහිටි උද්‍යානය නිදහස් උද්‍යානයක් ලෙස ගොඩ නැගීමටත් , ඇවිදින මන්තිරුවක් සහිත ශාරීරික අභ්‍යාස සදහා වූ පරිශ්‍රයක් ඉදිකිරීමටත් නියමිතය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ උපදෙස් අනුව ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතාගේ මෙහයවිමෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු සහ මහනුවර දිස්ත්‍රික් සහකාර කොමසාරිස් ජි. එල් අත්තනායක යන මහත්මින් ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති දියත් කෙරේ.

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනක් පොරමඩුල්ලෙන්.

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනක් පොරමඩුල්ලෙන්. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ දී පසුගියදා (26) පැවැත්විණි. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ ජානක සම්පත් මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහිදී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ සිසුන් දැනුවත් කෙරිණි. ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ද මෙම වැඩසටහන සමන්විත විය.හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය අධ්‍යක්ෂ භාග්‍යා සමරසිංහ මහත්මියගේ සහයෝගය ඇතිව පැවැත් වූ මෙම වැඩසටහනට,විද්‍යාලයේ විදුහල්පති ඊ.එම්.දමයන්ති මැණිකේ මහත්මිය , මාධ්‍ය සමාජය භාර ගුරුතුමිය හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කෙන්ගල්ල මහා විද්‍යාලයේ පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ.

කෙන්ගල්ල මහා විද්‍යාලයේ පාසල් මාධ්‍ය සමාජය බලගැන්වේ. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ, ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ එක් වැඩසටහනක් කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී (02) පැවැත්විණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම "පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ ව්‍යාපෘතිය" ක්‍රියාත්මක වේ. මෙහිදී මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, ඒවා සක්‍රීයව පවත්වාගෙන යාම සදහා පාසල් සිසු සිසුවියන් දායකත්වය හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දේශනයක් පැවැත්වීය. මෙම වැඩසටහනට විද්‍යාලයේ විදුහල්පති ජේ. ඩබ්ලිව්.එම්. එල්. කපුකොටුව මහතා මාධ්‍ය සමාජය භාර ගුරු මහත්මිය, සිසු සිසුවියන් හා පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන්.

දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන්. දරුවෝ රටට සම්පතක්. අපි හැමවෙලේම රටේ අනාගතය ගැන හිතන්නේ නම් පළමුව අවධානය දරුවන්හට යොමුවිය යුතුයි. රටක යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ පදනම වන්නේ දරුවන්. ඔවුන් ගරු කටයුතු පුද්ගලයෙකු බවට ක්‍රමානුකුලව ගොඩනැගීමේ වගකීම වැඩිහිටි අප සැම දෙනාටම පවතිනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන් මහතා පවසයි. තමාට ලැබෙන දේට වඩා වැඩි ප්‍රමානයක් සමාජයට ලබාදෙන්නේ නම් ඒ පුද්ගලයා ගරු කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙන බවත් , අද සමාජයෙන් ගිලිහි යන මේ ගුණය අපි නැවත සමාජගත කළයුතු බවත් , රටක හෙට දිනය වඩා සුභවාදී වන්නේ එවිට බව කී ඒ මහතා අද දරුවන්ට ගරුකටයුතු පුද්ගලයන්ට පමණක් සලකන්න හුරු කළ යුතු බව ද කීය. සැබෑ ලෙසම සමාජයේ ඒ අගය ගොඩනගන්න , අද සමාජයේ පවතින දේවල් වෙනසකට භාජනය කරන්න හැමදෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ද කි ඒ මහතා රටට වැඩදායි පුද්ගලයින් බවට , අපේ ජාතියේ සම්පත බවට දරුවන් පත්කරන යුගයක් උදාකරමුයි වැඩිදුරත් ප්‍රකාශ කළේය. ඒ මහතා මෙලෙස පැවසුයේ ලෝක ළමාදින සැමරුම් වැඩසටහනට සමගාමිව සංවිධානය කරන ලද මධ්‍යම පළාත් ළමාදින සැමරුම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම වැඩසටහන 01 දා මහනුවර කුණ්ඩසාලේ පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී (01 දින) පැවැත්විණ. මෙම ළමාදින සමරුම් වැඩසටහන මධ්‍යම පළාතේ පිහිටි ළමා නිවාසවල වෙසෙන දරුවන් වෙනුවෙන් සංවිධානය කොට පැවතීම විශේෂත්වයකි. “දරුවන් රැකගමු - සමසේ සලකමු” යන තේමාව මුල්කර ගනිමින් සංවිධානය වූ මෙම වැඩසටහනේ දී දරුවන්ගේ දක්ෂතා අගයමින් ළමා සමාජ අතර පැවති තරගවලින් ජයගත් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග හා සහතිකපත් ලබාදීම ද සිදුවූ අතර දරුවන්ගේ කුසලතා එළි දැක්වීම ද මෙහිදී සිදුවිය. ලෝක ළමා දිනයට සමගාමිව මධ්‍යම පළාත් තුළ නව දැක්මක් සහිතව දරුවන් ආරක්ෂාකර ගැනීම සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩසටහනේ පළමු මෘද්‍රිත පිටපත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය අබේකෝන් මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය. “සෑම දරුවෙකුටම සුරක්ෂිත ළමා ලෝකයක්” යන අරමුණ පෙරදැරි කරගෙන මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම වැඩසටහන පිළිබදව විශේෂ දැනුවත් කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ,මෘදු කුසලතා සංවර්ධන උපදේශක අසංක ජයරත්න මහතා විසින් සිදු කරන ලදී. මධ්‍යම පළාත් සමාජ සුභ සාධන ,පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොට රටටම ආදර්ශයක් ලබාදෙමින් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාත තුළ රජයේ ළමා මධ්‍යස්ථාන 35 ක් පවතින අතර පළාත තුළ පරිවාස කාර්යාලයන් 11 ක් ස්ථාපිත කොට ඇත. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය ,මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , රාජ්‍ය සේවා කොමිෂන් සන්හාවේ ලේකම් කුමුදුනු එස්. ප්‍රේමචන්ද්‍ර , සභා ලේකම් සුජානි විජේතුංග, සමාජ සුභ සාධන ,පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සි.කේ.ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook