ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

කවි සිතම දම් පාටයි කාව්‍ය සංග්‍රහය රසිකයා වෙතට.

‘කවි සිතම දම් පාටයි’ කාව්‍ය සංග්‍රහය රසිකයා අතට පත් කෙරේ  

 

රාජ්‍ය පරිපාලන සේවයේ දිගු ගමනක් පැමිණ වර්තමානයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් ධුරය දරන නිලූෂා මනෝරත්න මහත්මිය විසින් රචනා කරන ලද කුළුඳුල් කාව්‍ය සංග්‍රහය - ‘කවි සිතම දම් පාටයි’ , (19) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී  රසික ජනයා අතට පත් කෙරිණි. 

 

මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ පැවැත්වුණු මේ සෞන්දර්යාත්මක හෝරා  කිහිපයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්  යූ. ගමගේ මහතා එක්ව සිටියේ ය. ඒ සමඟ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී  රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , පළාත්  නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංජුලා  මඩහපොල ,පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ද ,මහනුවර ප්‍රදේශයේ සාහිත්‍ය කාමීහුද, ලේඛකයන් පිරිසක්  ද  මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

උළෙලේ ප්‍රමුඛ දෙසුම  ප්‍රවීණ සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල   ගෙනි. ප්‍රවීණ කිවිඳියන් වන සුහර්ශනී ධර්මරත්න හා අනුරාධා නිල්මිණි ද ‘කවි සිතම දම් පාටයි’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ ව අදහස් දැක්වූහ.

බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ වැඩමුළුවක් කොත්මලේ දී.

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය    නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

 

වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න  මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක්  ඉකුත්දා (19 ) කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.  

 

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ඕ. එස්. පෙරේරා මහත්මියගේ සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ගමගේ  සහ තිලිණ මධුසංඛ යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

පන්විල රාජසිංහ විද්‍යාලයේ "ස්වර යාත්‍රා"

ලෝක ළමාදිනයට සමගාමිව පන්විල රාජසිංහ විදුහලෙන් "ස්වරයාත්‍රා "

 

 මප/වත්/රාජසිංහ මාධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ලෝක ළමා දින සැමරුමට සමගාමිව සංවිධානය කරන ලද  "ස්වරයාත්‍රා " සංගීතමය වැඩසටහනක් ඉකුත්දා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත් විය.

වියැකීයන සමාජ සාරධර්ම යලි සමාජගත කිරීම සදහා සෞන්දර්ය යොදා ගනිමින්  ගීතයේ  අරුත්බර බව දරුවන්තුළට ආරෝපණය කිරීම සදහා වින්දනීය අවකාශයන් පුළුල් කරමින් , නිර්මානාත්මක චින්තනය අවදිකරමින් විද්‍යාලයේ දරුවන් ගේ ගායන , වාදන, නිවේදන , හා විචාරත්මක හැකියාවන් වර්ධනය කිරීම අරමුණ ඇතිව  විද්‍යාලයේ විදුහල්පති මේජර් එච්.එම්.කේ.ජි.එන්.ඒ.කේ. සමරකෝන් මහතාගේ උපදෙස් මත සංවිධායනය කොට පැවති මෙම වැඩසටහන සදහා ගුරුවරුන් , දෙමාපියන්,ප්‍රදේශවාසින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලබන  මාර්ග නිති පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක්  (19) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත් විය. 

 

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ කාර්යමණ්ඩලය වෙනුවෙන් සංවිධානය කොට පැවති අතර , මෙම වැඩසටහනේ දී   නිවැරදි ධාවනය - අනතුරු වලක්වා ගැනීම,   මාර්ග නීති, නීත්‍යානුකූල රියපැදවිම ,විනයානුකූලව රියපැදවිම ,රිය අනතුරු අවමකර ගනිමින් යහපත් සේවවාක් ලබාදීම වෙනුවෙන් වගකීම් සහගතව ක්‍රියා කිරීම පිළිබදව ප්‍රායෝගික අත්දකීම් ද ලබාදෙමින් රියදුරු කාර්යමණ්ඩලයේ දැනුම යාවත්කාලින කිරීම සිදු කෙරින.  

 

වැඩසටහනේ සම්පත්දයකත්වය මහනුවර කොට්ඨාශ පොලිස් රථවාහන පාලන අංශයේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.සුමනසේකර මහතා විසින් ලබාදෙන ලදී.  

 

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධික්ෂණය යටතේ  මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ.

අපනයනාභිමුඛ ව්‍යසායකයින් ප්‍රමුඛ කරගනිමින් නව ව්‍යසායකත්ව සංස්කෘතියක් .

අපනයනාභිමුඛ ව්‍යසායකයින් ප්‍රමුඛ කරගනිමින් නව ව්‍යසායකත්ව සංස්කෘතියක්

  පවතින ගෝලීය අභියෝග හමුවේ බලපෑම් රාශියකට මුහුණ පා සිටින ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් රටේ සමාජ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරීම සඳහා මධ්‍යම පළාත් දායකත්වය ඉහල නැංවීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් එළිදක්වයි. මෙම වැඩසටහන යටතේ අවම වශයෙන් ක්ෂුද්‍ර, කුඩා. මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත අපනයනාභිමුඛ වූ ව්‍යවසායකයන් අතුරින් නව අපනයනකරුවන් 10 දෙනෙකුවත් ආරම්භක වර්ෂය තුල බිහිකිරීමට සැලසුම් කෙරේ. එමඟින් මෙරට විදේශ විනිමය උත්පාදනය සඳහා සුළු හෝ දායකත්වයක් ලබාදීම අරමුණු කෙරේ.

මැද රටින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය කෙරෙහි අවධානය යොමු කිරීමේදී කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා අංශය මඟින් ලබා දෙන දායකත්වය ඉහල අගයක් ගනු ලබයි. 

දළදේශීය නිෂ්පාදනය සඳහා මධ්‍යම පළාතේ අංශික දායකත්වය

මධ්‍යම පළාත  -

 

           කෘෂිකර්ම(%) කර්මාන්ත (%)     සේවා (%)

           2019 2020          2019 2020        2019 2020                                                                                        

 

          10.8    12.0           11.3 11.4           11.3 11.1

 

එවන් පසුබිමක රටට අත්‍යාවශ්‍යව පවතින විදේශ විනිමය රැස්කර ගැනීම ඉලක්ක කර පළාත තුල අපනයනයට යොමු වූ ව්‍යවසාය සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍ර වේශයක් සැපයීම, හඳුනා ගනු ලබන ව්‍යවසායකයින් අපනයනය සඳහා යොමු නොවීමට බලපා ඇති හේතු පිළිබඳ විමර්ශනයක යෙදීම, හඳුනා ගනු ලබන ගැටළු සඳහා පළාතක් ලෙසට අවශ්‍ය යෙදවුම් ලබාදීම යන අරමුණු සාධනය කර ගැනීමට පියවර ගැනේ. මෙම ව්‍යාපෘතිය දියත් කරමින් අධීක්ෂණය හා නියාමනය සඳහා මධ්‍යම පළාත් සභාවේ මෙහෙයවීමෙන් සහ REDA ආයතනයේ සම්බන්ධීකරණයෙන් පළාත් සහ  රේඛීය කර්මාන්ත අමාත්‍යාංශ, පළාතේ බැංකු සහ මූල්‍ය ආයතන , අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රේගුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වයක් සහිත විද්වතුන් හා උපදේශකයන්ගේද සහභාගිත්වයෙන් යුතුව මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කරනු ලැබීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ අදහසකට අනුව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය පිළිබඳ විවෘත සංවාදයක් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සංවිධානයෙන් පසුගියදා (12) පැවැත්විණ.

2019 පාස්කු ප්‍රහාරය සහ අනතුරුව එළඹි කොවිඩ් 19 වසංගත තත්ත්වය හා විවිධ අර්බුද හමුවේ මෙරට ආර්ථිකයට එල්ල වූ අභියෝගය ව්‍යාපාර ක්ෂේත්‍රය තුලද විවිධ සංකූලතා ඇති කිරීමට හේතු පාදක විය. එම පසුබිම මත නිර්මාණය වූ විදේශ විනිමය අර්බුදය ආර්ථිකය තුල වෙනස්කම් ඇති කළ අතර, බොහෝ පුද්ගලයින්ට සිය ආදායම් මාර්ග අහිමි වීමත් පවත්වා ගෙන ගිය ව්‍යාපාර අඩපණ වීමත් වැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය.

එවන් අභියෝගාත්මක යුගයක බිඳවැටුණු ව්‍යවසායක ප්‍රජාවගේ මානසික ශක්‍යතාවයන් ඉහල නංවමින් සහ නැවත ව්‍යාපාර ගොඩනැගීමේ මානසික පසුබිම ශක්තිමත් කරමින්,

ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා අත්වැලක් සැපයීම,

ව්‍යවසායකයින් සඳහා යටිතල පහසුකම් ඇති කිරීම,

විසිරී සිටින ව්‍යවසායකයින් ඒකරාශී කිරීම සහ සන්නද්ධ කිරීම ඇතුළුව ජාත්‍යන්තර  තත්ත්වයෙන් සිය නිෂ්පාදන ප්‍රමිතිගත කිරීම, එහිදී මුහුණ දීමට සිදුවන විවිධ ගැටළු සහ අපහසුතා හඳුනා ගැනීම, ඒවා නිරාකරණය කිරීමට මැදිහත්වීම සහ අවශ්‍ය මූල්‍ය සහ නීතිමය යෙදවුම් ලබාදීම සඳහා මැදිහත්වීම ආදිය හඳුනා ගැනීම සඳහා පළමු කථිකාවෙන් යම් ප්‍රවේශයක් සැපයිණ. වැඩමුළුවේදී අපනයන ක්‍රියාවලිය සහ අපනයන මණ්ඩලයේ කාර්යභාය හා අපනයන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා රේගුව සතු කාර්යභාරය, අනතර්ජාතික වෙළඳාමේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය අපනයන හා ආයනයන කටයුතු සම්බන්ධ නිර්දේශ ලබාගැනීම, ශාක නිරෝධායන ක්‍රියාවලිය වැනි අපනයන ක්‍රියාවලි සහ සමගාමී වන විවිධ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ඒ ඒ අංශභාර ප්‍රධානීන් zoom තාක්ෂණය ඔස්සේ සහ සජීවීව කරුණු දැක්විය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මැතිතුමා, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා සහ මධ්‍යම පළාත් සභාවේ සියළු අමාත්‍යාංශ ලේකම්වරු, REDA ආයතනයේ අධ්‍යක්ෂ සහ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන්, නිලධාරීන් හා මෙහෙයුම් කමිටුව නියෝජනය කරන සියළු ආයතන ප්‍රධානීන් සහ ව්‍යවසායකයින් පිරිසක්ද එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook