ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

යහපත් වැඩ පරිසරයක් ගොඩනගා ගනිමින් ආයතනයන්හි කාර්යඵල වර්ධනය කිරීම වෙනුවෙන්

යහපත් වැඩ පරිසරයක් ගොඩනගා ගනිමින් ආයතනයන්හි කාර්යඵල වර්ධනය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් සදහා සංවිධානය කරන ලද Managing Soft Skills and Hard Skills in Work Place පිළිබදව වූ පුහුණු වැඩසටහනක් පසුගිය (23) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
කාලිනව ඉහළ අගයක් ගන්නා දැනුම හා කුසලතා කේන්ද්‍රීය රාජ්‍ය ආයතන පද්ධතියක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධික්ෂණය යටතේ මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයෝමි දුල්වල මහත්මිය විසින් ලබාදෙන ලදී.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් සදහා දැනට රජය මගින් ක්‍රියාත්මක රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කිරීමේ විධිවිධානයන්ට යටත්ව වියදම් සීමාකිරීම සදහා දායකත්වයට ලබාදෙමින් සම්පත්දායක දීමනා , ආහාරපාන හා මුද්‍රිත නිබන්දන ලබාදීමකින් තොරව සංවිධානය කෙරේ.

\

Featured

REDA මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කෙරේ.

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) මගින් ක්‍රියාත්මක මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කෙරේ.
2022 වර්ෂයට අදාළව pastry & Bakery හා Hotel Operation (හොටෙල් කළමනාකරණය ) පාඨමාලාවේ 6 වන කණ්ඩායම සදහා සිසු සිසුවියන් බදවා ගැනීම ඉකුත්දා මාතලේ හෝටල් පාසල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි .
මෙම පාඨමාලා සදහා සිසු සිසුවියන් පනස් දෙදෙනෙකු (52) ඇතුලත්කර ගෙන ඇත. කාලීනව දේශීය හා විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හදුනාගෙන ඇති අතර මධ්‍යම පළාතේ තරුණ ප්‍රජාවගේ ආනාගත සාර්ථකත්වය වෙනුවෙන් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති J.V.B.සකලසූරිය මහතා සහ අධ්‍යක්ෂ H.M.M.U.B.හේරත් මහතාගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ N.W.ලක්ශ්මි මහත්මිය මෙහෙයවීමෙන් මෙම පාඨමාලාවන් ක්‍රියාත්මක කෙරේ.
තෘතික හා වෘත්තිය කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක් වන මෙමගින් වෘත්තිය පුහුණු අධිකාරියේ ලියාපදිංචි සහතික පත්‍රයක් ද ලබාදීම සිදු කරනු ලැබේ .

පරිගණක පුහුණු වැඩමුළුව පල්ලෙකැලේ MDTU හිදී.

පරිගණක පුහුණු වැඩමුළුව පල්ලෙකැලේ MDTU හිදී.
මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය වූ internet හා email භාවිතය පිළිබදව පුහුණු වැඩසටහනක් (21) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත් විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ අධික්ෂණයෙන් නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් ගොඩනංවමින් කාර්යයක්ෂම ආයතන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සහභාගී වූ අතර, වැඩසටහනේ සම්පත්දායකත්ව සංවර්ධන නිලධාරි නිශ්ශංක දිසානායක සහ අනුරාධ අබේසිංහ (සංවර්ධන නිලධාරි )යන මහත්වරුන් විසින් ලබාදෙන ලදී.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.

R E D A වෙතින් උඩදුම්බර පෙදරේරු වෘත්තිකයන්ට ඉහළ දැනුමක්

R E D A වෙතින් උඩදුම්බර පෙදරේරු වෘත්තිකයන්ට ඉහළ දැනුමක්

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (R E D A) විසින් පළාතේ පෙදරේරු වෘත්තියෙහි නිරත වූවන්ගේ දැනුම හා කුසලතාව ඉහළ නැංවීම අරමුණු කොට ගෙන ඉන්සී (INSEE) පුද්ගලික සංගමේ අනුග්‍රහය හා ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහය ඇතිව සංවිධානය කරන දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් අවස්ථාවක් පසුගිය දා උඩදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ අවස්ථාවට උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පෙදරේරු වෘත්තියෙහි නිරත සියයකට ආසන්න පිරිසක් සහාභාගී වී සිටියහ.
වැඩමුළුව මෙහෙයවූයේ ඉන්සී පුද්ගලික සමාගමේ තාක්ෂණ සේවා නිලධාරීන් ය.
පෙදරේරු වෘත්තියට අදාළ න්‍යායාත්මක පක්ෂය මෙ දින වැඩමුළුවට විෂය විය. ඉදිරි දිනකදී ප්‍රයෝගික පක්ෂය ආවරණය කිරීමට නියමිත ය.
වැඩමුළුව සම්පූර්ණ කරන පෙදරේරු වෘත්තිකයන් වෙත අන්තර්ජාතික පිළිගැනීමක් ලැබෙන N V Q 111 අදියරේ සහතික පත්‍රයක් පිරිනැමීමට මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය පියවර ගනියි.
මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතීඥ ජානක සකලසූරිය මහතාගේ මඟපෙන්වීම යටතේ වැඩමුළුව සංවිධානය කළේ එහි සහකාර අධ්‍යක්ෂිකා එන්.ඩබ්ලිව්. ලක්ෂ්මී මහත්මිය යි. උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් නිලූපා මනෝරත්න මහත්මිය ද, සහකාර ප්‍රාදේශීය ලේකම් හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්.සී.දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද, ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එච්.එම්.කේ.සී.බණ්ඩාර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

තොරතුරු දැනගැනීමේ පනත - පුහුණු වැඩමුළුව පල්ලෙකැලේ දී.

තොරතුරු දැනගැනීමේ පනත - පුහුණු වැඩමුළුව පල්ලෙකැලේ දී.
තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් (21) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පවත් වන ලදී.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන ) ලලිත් දසනායක මහතා විසින් ලබාදෙන ලදී.
මෙහිදී නිලධාරින් සතු දැනුම යාවත්කාලින කරමින් , තොරතුරු දැනගැනීමේ පනතේ කාලින වැදගත්කම, තොරතුරු නීතියේ මුලධර්ම , ක්‍රියාත්මක ක්‍රමවේදයන් , ආයතනික මට්ටමින් පවතින ගැටළු හදුනාගනිමින් මෙම වැඩසටහන පළාත් රාජ්‍ය ආයතනයන්හි මෙහෙයුම් මට්ටමේ නිලධාරින් වෙනුවෙන් සංවිධානය වී පැවතුණි. මෙම අවස්ථාව සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook