ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

“බුද්ධ රශ්මි” ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ.

“බුද්ධ රශ්මි” ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ. මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය මගින් වාර්ෂිකව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන “බුද්ධ රශ්මි” ජාත්‍යන්තර වෙසක් දින සගරාවේ 2024 වර්ෂයේ කලාපය පසුගියදා මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එළි දක්වනු ලැබිය. ‘බුද්ධ රශ්මි’ ජාත්‍යන්තර වෙසක් දින සඟරාව අඛණ්ඩව අටවන වරට ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර , මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානයේ සභාපති විමලසේන කළුගමගේ මහතාගේ ප්‍රධාන සංස්කරණයෙන් නිකුත් කරන මෙම සගරාව සිංහල හා ඉංග්‍රීසි යන දෙබසින් ම සමන්විත සාරගර්භ හා විචක්ෂණශීලී ලිපි රැසකින් සමන්විතය. මෙහිදී පාසල් හා මහජන පුස්තකාල වෙත සගරා ලබාදීම ද සිදු කෙරින. අවස්ථාවට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට , බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් (මහනුවර) අනුරුද්ධ හේම බණ්ඩාර , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති උපුල් දිසානායක යන මහත්ම මහත්මීන් , විදුහල්පතිවරුන් , රාජ්‍ය නිලධාරින්, මහනුවර බෞද්ධ සංවිධාන හා වෙළද සංවිධාන නියෝජිතයින් , මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මහජන පුස්තකාල පුස්තකාලාධිපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

භාෂා හා වෘත්තීය අධ්‍යාපනයෙන් සවිමත් තරුණ පිරිසක්.

භාෂා හා වෘත්තීය අධ්‍යාපනයෙන් සවිමත් තරුණ පිරිසක්. ජාත්‍යන්තර භාෂාවන් හා විධිමත් වෘත්තීය අධ්‍යාපනයක් ලද තරුණ තරුණියන් සඳහා උසස් අනාගතයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසීය. පිලිමතාලාව, නානුඔය ලිට්ස් භාෂා අධ්‍යාපන පාසල විවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්ව‍යෙන් (17) සිදු කළ අවස්ථාවේදි ඒ මහතා මෙම අදහස් පළ කළේය. වර්තමානයේ පාසල් අධ්‍යාපනයෙන් පසු බොහෝ දෙනා ‍තෝරා ගන්නේ ත්‍රී රෝද වෘත්තීය බවත්, එය කණගාටුවට කරුණක් බවත්, එවැනි තරුණ පිරිස් විදේශ භාෂාවක් හදාරා, ඉහළ වෘත්තීය නිපුණාතාවයක් ලබාගෙන විදේශ රැකියාවකට නිරතවීමට අවස්ථාවක් හිමි කර ගන්නනේ නම්, ඉතා උසස් අනාගතයකට හිමිකම් කීමට හැකි බවත් එවැනි අවස්ථාවක් ලබාදීම සඳහා මඟ පෙන්වනු ලබන ලිට්ස් ආයතනයේ ගමන් මගට සූභ ප්‍රාර්ථනා එක් කරන බවත් පැවසීය. විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් භාෂා පුහුණුව ලබා දීම සඳහා ලිට්ස් භාෂා අධ්‍යාපන පාසල (Language Infinity Training School -LITS) ආරම්භ කර ඇති අතර මෙම ආයතනය මගින් ජාත්‍යන්තර භාෂා දහයක් සඳහා පුහුණුව ලබා දේ. එමෙන්ම වෘත්තීමය පුහුණුව හා පාඨමාලා සඳහා සහ විදේශ ගතවීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීම සිදු කරයි. මෙම අවස්ථාව සඳහා එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි, ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කෝන්ගහගේ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇ‍ටම්පාවල, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, මහචාර්ය උපුල් බී. දිසානායක, ලිට්ස් භාෂා අධ්‍යාපන පාසලේ අධිපති, නදීක නානායක්කාර, භාෂා පාසලේ විදුහල්පති අනුර සෝමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

තරුෂී කරුණාරත්න හා ෂෙහාන් දිල්රංග රන් ඔටුනු සම්මානයෙන් පිදුම් ලබයි.

තරුෂී කරුණාරත්න හා ෂෙහාන් දිල්රංග රන් ඔටුනු සම්මානයෙන් පිදුම් ලබයි. මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ වර්ණ ප්‍රධානෝත්සවයේදී (2022-2023) වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂී කරුණාරත්න හා ෂෙහාන් දිල්රංග යන ක්‍රීඩක ක්‍රීඩීකාවන් රන් ඔටුන්න සම්මානයෙන් පිදුම් ලැබීය. තරුෂි කරුණාරත්න ක්‍රිඩිකාව 2023 වර්ෂයේ කොරියාවේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් ඇතුළු පදක්කම් තුනක් දිනා ගැනීමත්, ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 21ක් පැරණි කාන්තා මීටර් 800 ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් බිහිකිරීම , චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම යන කරුණු මීට පාදක වී ඇති අතර, ෂෙහාන් දිල්රංග ක්‍රීඩකයා 2023 වර්ෂයේ කොරියාවේ පැවැති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී (මීටර් 400 × 4 මිශ්‍ර සහය ඉසව්වෙන්) රන් පදක්කම දිනා ගැනීම මෙයට පාදක විය. මෙම වර්ණ ප්‍රධානෝත්සවයේදී රිදී ඔටුන්න සම්මානය වත්තේගම මධ්‍යම මහා විද්‍යාලයේ යු.ජී. ඕ.පි. සම්පත් ක්‍රීඩකයා හිමිකරගනු ලැබුවේ 11වන ආසියානු කනිෂ්ඨ වූෂු තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙනි. වත්තේගම අධ්‍යාපන කලාපයේ වර්ණ ප්‍රධානෝත්සවය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. දිවයිනේ පිහිටි අධ්‍යාපන කලාප 101 අතරින් ක්‍රීඩාවෙන් නොමැකෙන සැලකුණු තබමින් රටේ අනාගත ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශිෂ්ට දක්ෂතා දක්වා ඇති අධ්‍යාපන කලාපය ලෙස වත්තේගම අධ්‍යාපන කලාපය හැඳින්වෙන අතර , 2020 වර්ෂයේ මෙම අධ්‍යාපන කලාපයේ පාසල් පහක් පමණක් සමස්ත ලංකා ජයග්‍රහණ අත් කරගෙන පැවති අතර 2023 වර්ෂය වන විට එම ප්‍රමාණයේ පාසල් දහ අටක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම 2022 -2023 වර්ෂ වල පැවැති සමස්ත ලංකා මට්ටමේ තරඟවලදී වත්තේගම අධ්‍යාපන කලාපය රන්, රිදී හා ලෝකඩ පදක්කම් හාරසිය තිස් හතක්(437) දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. මෙම වර්ණ ප්‍රධානෝත්සවයේදී ක්‍රිඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් , පුහුණුකරුවන් හා විදුහල්පතිවරුන් ඇගයීමට ලක් කරණලදි. ඒ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 806ක්, ක්‍රීඩාභාර ගුරුවරුන්, පුහුනූකරුවන් හා විදුහල්පතිවරුන් 188 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් වූ අතර , මෙහිදී දක්ෂතා මට්ටම් 5 ක් පදනම් කරගනිමින් සම්මාන, අධිසම්මාන , වර්ණ ,රිදී ඔටුන්න, රන් ඔටුන්න යන අංශයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරෙන. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ හා ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ සුසන්ත ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වත්තේගම අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට, කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුජීවා වීරසුන්දර , අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන), අමිත් වීරසිංහ පදනමේ සභාපති ව්‍යාපාරික අමිත් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

විනයක් නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකියි , ලොව දියුණුම රටවල දියුණුවීමට බලපෑ ප්‍රධානම මෙවලම වන්නේ විනය ගරුක සමාජයක් පැවතීමයි - මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි.

විනයක් නොමැතිව රටක් සංවර්ධනය කළ නොහැකියි , ලොව දියුණුම රටවල දියුණුවීමට බලපෑ ප්‍රධානම මෙවලම වන්නේ විනය ගරුක සමාජයක් පැවතීමයි - මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි. ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවැනි බල ඇණියට අයත් පාසල්වල ශිෂ්‍යභට බාලක බාලිකාවන් සදහා නිල උසස්විම් ලබා දිමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 14දා මහනුවර ආණ්ඩුකාර කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙහිදී 2වන බල ඇණිය යටතේ මහනුවර හා දෙනුවර අධ්‍යාපන කලාපයන් හි පවතින පාසල්වල ක්‍රියාතමකවන ජාතික ශිෂ්‍යභට බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 35 දෙනෙකුහට උසස්විම් ලබා දීම සිදුවිය. අභියෝග ජයගනිමින් යහපත් දරපුරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් ස්ථාපිත 2වන බලඇණිය යටතේ බලකා බලඇණි 30කින් සහ පුහුණු මධ්‍යස්ථාන 2කින් සමන්විත වන අතර මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා , රටක් සංවර්ධනය වෙන්න බලපාන ප්‍රධානම සාධකය වන්නේ විනයයි. විනයක් නැති රටක් දියුණු කරන්න අමාරුයි. ලොව දියුණුම රටවල ප්‍රධානම මෙවලම වන්නේ විනය ගරුක සමාජයක් පැවතීමයි. සියලු කාර්යයන් සාර්ථක වන්නේ විනයක් තුළින් ගොඩනැගෙන සමාජයක් මගින්. අපේ රට තුළත් එහි ආරම්භයක් ලෙස පාසල් දරුවන් තුළින් මෙය ගොඩනැගීම සඳහා විශේෂයෙන්ම ශිෂ්‍ය බට පුහුණුව සෑම දරුවෙකුටම ලබාදීම කාලෝචිතයි. ඒ නිසා සියලූම පාසල් දරුවන්ට ශිෂ්‍ය භට පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය අංගයක් බව මාගේ හැඟීමයැයි කීය. ජාතික ශීෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජිි.එස් ෆොන්සේකා මහතාගේ අධික්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරෙන අතර , මෙම අවස්ථාවට මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. සී. අයි. අන්දරගේ , ජාතික ශීෂ්‍ය භට බලකායේ දෙවන බල ඇණියේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් ටී.එන්.එම්.ඩි නවරත්න, ජාතික ශීෂ්‍ය භට බලකායේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් පාලිත ඇරැව්පොල, ජාතික ශීෂ්‍ය භට බලකායේ උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් ගාමිණි වික්‍රමගේ, යන මහත්ම මහත්මීන් , විදුහල්පතිවරුන් , ගුරුවරුන් හා දෙමපියන් ඇතුලු පිරිසක් සහභාගි විය.

භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් සිදුකර විභාගයට මඟ පෙන්වීමේ නිර්මාණශීලි වැඩසටහනක්.

මෙවර අපොස උසස් විභාගයට පෙනී සිටින දරුවන්ට අත්‍යවශ්‍ය වු භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් සිදුකර විභාගයට මඟ පෙන්වීමේ නිර්මාණශීලි වැඩසටහනක් මහනුවර අධ්‍යාපන කලාපය විසින් පසුගිය 14,15 හා 16 දිනවල කිංස්වුඩ් විද්‍යාලයෙදී පැවැත්විණ. මෙම වැඩසටහන සදහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් 50 ක් පමණ සස්නක සංසදය හරහා මෙම අධ්‍යාපන සත්කාරය සඳහා සහය ලැබුණු අතර භෞතික විද්‍යාව ගුරු භවතුන් යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීම සිදුකළ අතර දරුවන් දිනකට 600 ක් පමණ සහභාගි වීම විශේෂත්වයක් විය. කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වුන මෙම වැඩසටහන සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ (විද්‍යාව) සංදර්ශිකා බණ්ඩාර මහත්මියගේ සම්පත්දායකතත්වය ලැබී තිබිණ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook