ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ජනහිතකාමී පිරිසිදු පරිසරයක් ගොඩනැගීම සදහා කාන්තා හා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් නව වැඩසටහනක්.

කසළ කළමනාකරණය විදිමත් කරමින් මධ්‍යම පළාත තුළ ජනහිතකාමී පිරිසිදු පරිසරයක් ගොඩනැගීම සදහා කාන්තා හා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කිරීමට මධ්‍යම පළාත සැලසුම් කරයි. මෙහිදී වගකීම් සහගත පරිභෝජනය , සුරක්ෂණය හා තිරසර කසළ කළමනාකරණයක් වෙනුවෙන් දැනුවත් ප්‍රජාවක් බිහිකිරීම සදහා පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර චක්‍රීය ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබාදීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරෙන මෙම වැඩහටහන පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් (16) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි කළමනාකරණය සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණ. සියලු රාජ්‍ය ආයතන , පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා පාසල් ප්‍රජාව එක්ව ජන සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී දැනුවත් කිරීම සිදු විය. මිට සමගාමිව ප්ලාස්ටික් එක්රැස් කරන මධ්‍යස්ථාන 05ක් ස්ථාපිත කිරීමට ද යෝජිතය. ජන තාක්ෂණ පුද්ගලික ආයතනයේ දායකත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)කේ.ජි.නිශ්ශංක , ජන තාක්ෂණ ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු බුද්ධික සෝමරත්න යන මහත්ම මහත්මීන් , ආරක්ෂක අංශ ,අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ආයතන නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී වුහ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”ගොඩනැගීම සදහා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”ගොඩනැගීම සදහා Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින් දැනුවත් කෙරේ. Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් දැනුවත් කිරීමට පියවර ගැනේ. මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් දැනුවත් කරමින් ප්‍රායෝගික නැබුරුවක් සහිතව මෙම වැඩසටහන සදහා දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද Clean Sri Lanka ව්‍යාපෘතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (16) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට පැවති අතර ,මේ සදහා සම්පත්දායකත්වය ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා විසින් ලබාදෙන ලදී. පාරිසරික , සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය රජයේ මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර , එහි පළමු පියවර ලෙස පාරිසරික සංකල්පය යටතේ පිරිසිදු පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් වූ වැඩසටහන් මේ වනවිට ආරම්භ කොට ඇත.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කෘෂිකර්ම හා පශුසම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා (15) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි .මෙහිදී යහපත් ජිවන තත්වයක් ජනතාවට උදාකර දීම වෙනුවෙන් රජය ගෙනයන ප්‍රධාන ව්‍යාපෘතියක් වන Clean Sri Lanka වැඩසටහනේ ක්‍රියාකාරිත්ව පැහැදිලි කිරීම හා මේ වනවිට දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි දායකත්වය , දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය, 2025 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් , සෞබ්‍යය කටයුතු, වාරීමාර්ග, අධ්‍යාපනය , ජල සම්පාදනය යන කරුණු පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ගන්නා ලදී. එසේම වගා සත්ව හානියට පිලියම් ලෙසින් දැනට සිදුකර ඇති ව්‍යාපෘතියේ ඇතුලත් කරුණු පිළිබදව දැනුවත් කිරීම ද සිදුවිය. කාලීනව සිදුවන ජල ගැලීම් පාලනය කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම, නගරවල සිටින පදික වෙළෙදුන්ගේ ගැටලුව , රෝහල සත්කාරක සේවා යහපත් කිරීම , කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ගැටළු කඩිනමින් විසදීම , ග්‍රාමීය අතුරු මාර්ගවල පවතින ආපදාවන්ට පිළියම් යෙදීම ඇතුළු කාලින ජනතා ගැටළු රැසක් මෙහිදී සාකච්ජාවට ගනු ලැබිය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්”

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කෙරෙන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන 2025 ජනවාරි 17 වන දින මධ්‍යම පළාතේ පිහිටි පළාත් පාලන ආයතන සියල්ල මගින් ක්‍රියාත්මක කෙරේ. පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය යටතේ “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන පළාත් පාලන බල ප්‍රදේශයන්හි ආරම්භ කෙරේ. පාරිසරික, ආර්ථික , සාමාජිය තිරසාරත්වය හා පාලන ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන සංකල්ප 04 ක් යටතේ පළාත පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන මධ්‍යම පළාතේ පිහිටි පළාත් පාලන ආයතන 47 තුළම මෙදින සිට ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ කටයුතු පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන ,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්මීන් ද සහභාගී වී සිටියහ.

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් හිඳගල, සීවලි මහ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම හා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් හිඳගල, සීවලි මහ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම හා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම පසුගියදා (09) එම විද්‍යාලයේදී සිදු කෙරිණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ‍‍ ප්‍රභාත් මද්දුමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook