ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

දර්ශනීය සුදුහම්පොල වෙසක් කලාපය.

දර්ශනීය සුදුහම්පොල වෙසක් කලාපය. සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව පවත්වන සුදුහම්පොල වෙසක් කලාපය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රධානත්වයෙන් (24) පස්වරුවේදි ආරම්භ කෙරිණි. සුදුහම්පොල රජමහා විහාරාධිපති පූජ්‍ය හඟුරන්කෙත ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනා පිරිදි ක්‍රියාත්මක මෙම වෙසක් කලාපයේ දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශනය කිරීම සහ බැති ගී සංදර්ශනයක් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාවමධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේම බණ්ඩාර මහතා අතුළු පිරිසක් ප්‍රදේශවාසින් පිරිසක් සහභාගී වූහ.

දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය.

දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය. කිරුළ පදනම සහ මහනුවර මහ නගර සභාව එක්ව සංවිධානය දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය මහනුවර සහස් උයනේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රධානත්වයෙන් (24) පස්වරුවේදි පැවැත්විණි. සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව ක්‍රියාත්මක කළ මෙම භක්ති ගීත සංදර්ශනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය, පෞද්ගලික ආයතන හා දහම් පාසල් නියෝජනය කරමින් බැති ගී ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කිරුළ පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය අතුළු පිරිසක් එක් වූහ.

මහනුවර දිස්ත්‍රික්කයේ සංහිදියා කමිටු ආරම්භයට පියවර.

මහනුවර දිස්ත්‍රික්කයේ සංහිදියා කමිටු ආරම්භයට පියවර. මහනුවර දිස්ත්‍රික්කයේ සංහිදියා දිස්ත්‍රික් කමිටු පිහිටුවීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (25) පැවැත්විණි. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, නීතීඥ අනුරාධ ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානාත්වයෙන් වැඩසටහන පැවැත්විය. ජාතික සමගිය හා ප්‍රතිසංවිධාන කාර්යාලයේ මැදිහත්වීම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක සංහිදියා දිස්ත්‍රික් කමිටු පිහිටූවීමේ ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ සංහිදියා දිස්ත්‍රික් කමිටු සාමාජිකයින් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම මෙම අවස්ථාවේදි සිදු කෙරිණි. මහා සංගරත්නය අතුළු අන්‍ය අගාමික පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාශයේ අතිරේක ලේකම් සමන් කුමාරි, ජාතික සමගිය හා ප්‍රතිසංවිධාන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි සුරියආරච්චි යන මහත්ම මහත්මීන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්, සංහිදියා ගමිටු සාමාජිකයින් පිරිසක් එක් වූහ.

ශ්‍රී වෛශාඛදාන සමිතියෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක්.

ශ්‍රී වෛශාඛදාන සමිතියෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක්. සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව මහනුවර මධ්‍යම වෙළඳපල ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියට වසර සියයක් සපිරීම නිමිතතෙන් ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩසටහනක් (24) එම සමිති පරිශ්‍රෙය්දි පැවැත්විණි. මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි. මෙහිදි ගැබිණි මව්වරුන් සියයක් සඳහා පෝෂණ මළු පිරිනැමීම සහ ඔවුන් සඳහා පෝෂණිය දිවා ආහාර වේලක් ලබා දීම ද සිදුවිය. මල්වතු මහා විහාරවාසි, රාජකීය පණ්ඩිත පූජ්‍ය දොරගමුවේ සද්ධාතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය, මධ්‍යම වෙළඳපල ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතියේ සභාපති, පී.ඒ. ඕමන්ත කුමාර, ප්‍රධාන ලේකම් එම්.ටී. සිරිල් ද සිල්වා යන මහත්වරුන්, ශ්‍රී වෛශාඛ දහම් පාසල, වෛශාඛ කාන්තා සමිතිය හා සීල සමාධි සමිතිය යන සමිතිවල සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

අස්ගිරිය වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද මහා තොරණ .

අස්ගිරිය වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද මහා තොරණ . 2568ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් මහනුවර ක්‍රියාත්මක සෙංකඩගල වෙසක් කලාපයට සමගාමීව අස්ගිරිය වෙසක් කලාපය මගින් සංවිධානය කරන ලද මහා තොරණ රාජයා විවෘත කිරීම අස්ගිරි විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරිය මහ පිරිවෙනේදී වෙසක් පොහොය දින යේ සිදු විය. නන්දි වාණිජ කතා පුවත විදහා දැක්වෙන තොරන් රාජයා අස්ගිරිය මහා සෑ රදුන් අබියසෙදි ප්‍රදර්ශනය කෙරෙන අතර මැයි මස 27 වන දින දක්වා මෙය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙම තොරණේ චිත්‍ර සිතුවම් කොට ඇත්තේ රොෂාන් බී සෝමධීර මහතා විසිනි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක් වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook