ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මැදරට පරිපාලන සංකීර්ණය පොසොන් සිරියෙන් ඇළලෙයි.

මැදරට පරිපාලන සංකීර්ණය පොසොන් සිරියෙන් ඇළලෙයි. මධ්‍යම පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවල සහයෝගිතා සහභාගිත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණය පොසොන් කලාපයක් බවට පත්වේ. පොසොන් පොහොයේ අරුත රාජ්‍ය සේවාව යථාවත් කිරීම උදෙසා භාවිතයට ගැනීම යන තේමාවෙන් , සහභාගිත්වයෙන් සහ එකමුතු බවෙන් යුතුව පළාතේ මහජන මෙහෙවර උදෙසා සේවක කැපවීම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවිය. මෙහිදී ආරාධිත ආයතන හා පළාත් සභාවේ ආයතන වලින් නිර්මාණය වූ විචිත්‍ර පොසොන් පහන් කුඩු මහජන ප්‍රදර්ශනයට පත් කෙරෙණි. අමතරව රොටි ,බනිස්, ඔසු පැන් සහ මඤඤෙක්කා සහ අයිස් ක්‍රීම් වැනි දන්සැල් ගණනාවක් ද සංවිධානය විය. අම්බස්තලයේ අනුරුව සහ අවුකන බුදු ප්‍රතිමා වහන්සේ කාගේත් අවධානයට ලක් වන විචිත්‍රවත් ලෙස නිමකොට තිබු නිර්මාණයන් විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කලාපයේ සියලු මෙහෙවරයන් ජනතා ප්‍රදර්ශනයට විවත කෙරුණු අතර , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ප්‍රධාන සේවක මඩුල්ලේ ආරාධනාවෙන් මහනුවර මහා දිසාපති, මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති , 11 වන සේනාකාධිපති , ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසී විශාල පිරිසක් මෙම කලාපය ට පැමිණ සහභාගී වූ අතර, ඉදිරිපත් කොට තිබු පොසොන් කුඩු නිර්මාණයන් අතරින් නිර්මානාත්මක නිර්මාණයන් සදහා මුදල් ත්‍යාග ද පිරිනමනු ලැබිය. මෙහිදී හොදම නිර්මාණාත්මක පොසොන් සැරසිල්ල සදහා වන ප්‍රථම ස්තානය පල්ලේකැලේ එළිමහන් සිර කදවුර ඉදිරිපත් කල පොසොන් සැරසිල්ල ලෙස ත්‍යාග දිනා ගත අතර, දෙවන තැන හිමි වුයේ ගඟඉහළ කොරළේය ප්‍රාදේශීය සභාවේ නිර්මාණයට ය. එහි තෙවන තැන කුණ්ඩසාලේ විවිධ සේවා සමුපාකාර සමිතියට හිමි විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතින් තිළිණ පිරිනැමිණි. අවුකන බුදු රුව නිමවුම් කල පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ රංජිත් මංගලගම මහතා වෙනුවෙන් විශේෂ ඇගයුමක් ද සිදු කරනු ලැබිය මෙම අවස්ථාවට ගමගේ මහත්මිය ඇතුළුව සියලිම අමාත්‍යාංශ ලේකම් වරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් ද එක්විය.

මාර්ග අමාත්‍යංශයේ කොස් සමග පොල් රොටී දන්සල

මාර්ග අමාත්‍යංශයේ කොස් සමග පොල් රොටී දන්සල පොසොන් පොහොය දිනය නිමිති කොටගෙන මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ විසින් සංවිධානය කළ කොස් සමග පොල්රෝටි දන්සල එම අමාත්‍යංශ පරිශ්‍රය ඉදිරිපිට දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (20)ආරම්භ කිරීම සිදුවිණී. මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යංශ කාර්ය මණ්ඩලය එක්ව මෙම දන්සල සංවිධානයක් තිබූ අතර විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.මෙම අවස්ථාවන් සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන්, මධ්‍යම පලාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට, අමාත්‍යංශ ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අලුත්ගමගේ වීරසිංහ යන මහත්ම මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

මැදරට කුළුබඩු ලෝකයට යවන්නට වැඩපිළිවෙලක්.

මැදරට කුළුබඩු ලෝකයට යවන්නට වැඩපිළිවෙලක්. මධ්‍යම පළාත තුල අපනයන භෝග ව්‍යාප්තියෙන් සහ නිමි නිෂ්පාදනයන් ලෙස ලෝක වෙළද පොලට ඉතා ඉහල ගුණාත්මකභාවයකින් යුතු කුළුබඩු අපනයනය කිරිමේ හැකියාව පවතින බවත් , ඒ සදහා පවතින ඉහල ඉල්ලුමට සරිලන ලෙස සැපයීම සදහා ව්‍යවසායකයන් බල ගැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය මේ සදහා ව්‍යාපෘතියක් හදුන්වා දෙනු ලැබූ අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් , අපනයන තත්වයෙන් සිය නිෂ්පාදන සංවර්ධනය කර ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික සහ මුල්‍ය සහාය ලබා දීමටත්, වෙළද පොළ සම්බන්ධීකරණය කර දීමටත්, පරිපාලනික උපදෙස් ලබාදීම ඇතුළු සේවා රැසක් සැපයීමට ආයතනය බලාපොරොත්තු වේ.ඒ යටතේ කුළුබඩු නිෂ්පාදනය ප්‍රවර්ධනයට අදාළ ව්‍යවසායකයන් බල ගැන්වීමේ ව්‍යාපෘතියේ සමාරම්භය පසුගියදා පුජාපිටිය , බෝතොට ප්‍රදේශයේ බෝතොට ඔර්ගනික් ආයතනයෙන් දියත් කෙරෙණි. මෙම ආයතනය සදහා එදින රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමකින් යුතු වියලන යන්ත්‍රයක් ප්‍රදානය කල අතර ප්‍රදේශයේ ගොවින් සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පැළ සහ පොහොර බෙදා දෙනු ලැබිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරගේ සුරතින් ආයතනයේ අධිපති ඩි. ජි.එච්. එල් වසන්ත මහතා වෙත නිල වශයෙන් යන්ත්‍රය භාර දෙනු ලැබූ අතර, මෙම අවස්ථාවට කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නිතීඥ ජානක සකලසුරිය ,අධ්‍යක්ෂ සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසුරිය, කර්මාන්ත ලේකම් චරිතා ඉලංගකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් එක් විය.

ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් උළෙල මහනුවර දිගන දී.

ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් උළෙල මහනුවර දිගන දී. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ඔලිම්පික් දිනය සැමරුම් උළෙල මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනය කේන්ද්‍රගත කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් 19 වන දින පැවැත්විණ. ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් වැඩසටහන් ලොව පුරා රටවල් 207 ක් සංවිධාන කරනු ලබන අතර පාරිසරික , සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහන්වලට මුල් තැනක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව හා මධ්‍යම පළාත් සභාව එක්ව මෙවර ජගත් ඔලිම්පික් දින සැමරුම් වැඩසටහන සංවිධානය කොට පැවතුනි.මෙම ඔලිම්පික් දින සැමරුම් වැඩසටහනට සමගාමිව අශ්වයන් පැදීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් , පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද චිත්‍ර සහ අත්කම් තරගයක් , පාසල් දරුවන් වෙනුවෙන් අභියෝගතා බාධක තරගයක්, පරිසරය සුරැකීම වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය වී පැවති අතර , ඔලිම්පික් දින සංස්කෘතිකාංග ඇතුළත් පෙළපාළිය කුණ්ඩසාලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී දිගන පළාත් සභා ක්‍රීඩාංගනය වෙත පැමිණියේ වත්තෙගම අධ්‍යාපන කලාපයේ පාසල් 10ක දරුවන් 1000 කගේ සහභාගිත්වයෙනි. 1894 වසරේ ජූනි මාසයේදී පැරිසියේ සෝබෝන්හිදී ආරම්භ වූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට මේ වනවිට වසර 130ක් සම්පූර්ණ වී ඇති අතර ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් පැවැත්වෙන වර්ෂයක මෙවර ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම් උළෙල සංවිධානය වීම විශේෂත්වයකි.ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධාන කරන ලද මෙම සැමරුම් උත්සවය සදහා ප්‍රංශ තානාධිපති කාර්යාලයේ සංස්කෘතික සහයෝගිතා සම්බන්ධීකරණ නිලධාරි ඔලිවියා බෙල්මෙයා , ජාතික ඔලිම්පික් කමිටු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා , ජාතික ඔලිම්පික් කමිටු උප ලේකම් සුරන්ජිත් ප්‍රේමදාස , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකෙෂ්වරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්ම මහත්මීන් , ජාතික තලය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද සහභාගී වුහ.

නවක උපාධිධාරීන් 378 දෙනෙකු මධ්‍යම පළාත් ගුරු සේවයට.

නවක උපාධිධාරීන් 378 දෙනෙකු මධ්‍යම පළාත් ගුරු සේවයට. මධ්‍යම පළාත් ගුරු සේවය සඳහා පත් වූ නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී 19 දින සිදු කෙරිණ.මෙහිදී සිංහල මාධ්‍ය 233 හා දෙමළ මාධ්‍ය 145 දෙනෙකු ලෙස 378 දෙනෙකු හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කරන ලද අතර ,මධ්‍යම පළාතේ ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ මෙම පත්වීම් ප්‍රදානය සිදුවිය.තරග විභාගයක් පවත්වා ඉන් සමත් වුවන් සදහා සම්මුඛ පරීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂණයකින් අනතුරුව මෙම සුදුස්සන් තෝරා ගැනීම සිදුකොට ඇත.මෙම විභාගය සදහා 6000 පෙනිසිට ඇති අතර ,ඉන් 2000 විභාගය සමත්ව ඇති අතර ඉන් සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණ සදහා 700 දෙනෙකු කැදවා ,පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව උපරිම ලකුණු ලබාගත් පිරිස සදහා මෙලෙස පත්වීම් ලබාදීම සිදුකර ඇත. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩි.නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතන ප්‍රධානින් රැසක් සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook