ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

තරුණ තරුණියන් ආතති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුවත් කෙරේ.

තරුණ තරුණියන් ආතති කළමනාකරණය සම්බන්ධයෙන් දැනුවත් කෙරේ මධ්‍යම පළාත් කර්මාන්ත හා යෞවන කටයුතු අමාත්‍යාංයේ, යෞවන කටයුතු සංවර්ධන ඒකකය විසින් සංවිධානය කළ ආතති කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි (18) දින පැවැත්විණි.මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරාගත් තරුණ තරුණියන් සහ පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය ‘ආතති කළමනාකරණයට චිත්තවේග බුද්ධිය’ මැයෙන් මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සිදු කරන ලදි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත හා තරුණ කටයුතු අමාත්‍යාංයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් සභාවේ ලේකම් සුජානි ආර්. විජේතුංග, මධ්‍යම පළාත් විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්.පී.එච්. අත්තනායක, තරුණ කටයුතු සහකාර ලේකම්, ඩබ්.ඒම්.ආර්.ඒන් අලුවිහාරේ යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් හා තරුණ තරුණියන් පාසල් සිසුන් පිරිසක් එක්වූහ.

මෙරට සංචාරයක් සදහා පැමිණි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මහනුවරට.

මෙරට සංචාරයක් සදහා පැමිණි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මහනුවරට ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රේ අසූලේ (Audrey Azulay) මහත්මිය කුණ්ඩසාලේ දිගන පිහිටි වික්ටෝරියා ජලාශයේ සැහැල්ලු ගුවන් යනා තාටාකංගනයෙදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් පිළිගන්නා ලදි.යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිගැන්මෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් අධ්‍යක්ෂ ජනරාල් පිළිගැන්මෙන් අනතුරුව මධ්‍යම පළාතේ සංචාරක හා ලෝක උරුම ස්ථාන සම්බන්ධනේ සුහද සාකච්ඡාවක නිරතවිය.ඉන්පසුව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මහනුවර ඓතිහාසික දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම හා ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයද නැරඹීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මහා වශංශය පුස්කොළ පොතේ ලෝක උරුමය සහතිකය ලබා දීම සහ දඹුල්ල ප්‍රදේශයේ සංචාරයක ද නිතරවීම සිදු කෙරිණි.යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිගැනීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහ‍ා‍පොල මහත්මියද සහභාගී වූවාය.

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය නුවරඑළියේ දී.

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය නුවරඑළියේ දී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් දරු දැරියන් සඳහා ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 16 වන දින නුවරඑළිය නව නගර ශාලාවේ දී පැවැත්විණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ආර්ථික අපහසුතා සහිත එහෙත් අධ්‍යාපනික හා විෂය සමගාමී කටයුතු වලින් විශේෂ දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂයක් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කෙරෙන දෙවන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන මෙය වේ.මෙහිදී 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට රුපියල් 3000.00බැගින් මාස දොළහක කාලසීමාවක් සඳහා ද , අපොස උසස් පෙළ හදාරන සිසුන් සඳහා රුපියල් 6000.00බැගින් මාස 24 ක කාල සීමාවක් සඳහා ද වන පරිදි මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරේ.මෙම වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින කලාප අධ්‍යාපන කාර්යාල පහ නියෝජනය වන පරිදි පාසල් වලින් තෝරාගත් සිසු දරු දැරියන් 1500 දෙනෙකු වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.මෙම අවස්ථාව සඳහා ජලසම්පාදන , වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටු සම සභාපති එස්.බී.දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන නිමල් පියතිස්ස, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාධූපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි යන මහත්ම මහත්මීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, නුවරඑළිය, වලපනේ, හඟුරන්කෙත, කොත්මලේ හා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

48 වන ජාතික ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ පිරිමි තරග අංශයේ අනුශුරතාවය මධ්‍යම පළාතට

48 වන ජාතික ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ දී පිරිමි තරග අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය. තරගාවලියේ පිරිමි ශූරතාවය උතුරු පළාතට හිමි වූ අතර අනු ශුරතාවය මධ්‍යම පළාතත් , තෙවන ස්ථානය දකුණු පළාතටත් හිමි විය. කාන්තා තරගාවලියේ ශූරතාව බස්නාහිර පළාත විසින් දිනාගත අතර අනු ශුරතාවය වයඹ පළාත හිමිකර ගන්නා ලදී. එහි තෙවන ස්ථානය සබරගමුව පළාතට හිමි විය. දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මානය උතුරු පළාතේ එස්. ආර්මිගන් ක්‍රිඩකයා දිනාගත් අතර දක්ෂතම ක්‍රිඩිකාවට හිමි සම්මානය ප්‍රවීනා මධුෂි පෙරේරා ක්‍රිඩිකාව දිනාගත්තාය. ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය ඉකුත්දා යාපනයේදී පැවැත්විණ.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් නව ආඥාපතිවරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් නව ආඥාපතිවරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් නව ආඥාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා හමුවීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (15) සිදුවිය. මෙහිදි පළාතේ ආරක්ෂක කටයුතු ඇතුලු කරුණු කිහිපයක් සාකච්ඡා කළ අතර මෙම අවස්ථාවට 11 වන සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද රණසිංහ, 111වන බල සේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook