ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මාතලේ දිස්ත්‍රක් පළාත් පාලන ආයතනගත සේවාවන් සමාලෝචනයට....

මාතලේ දිස්ත්‍රක් පළාත් පාලන ආයතනගත සේවාවන් සමාලෝචනයට.... මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ප්‍රගති සමාලෝචනය හා ගැටළු පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහා නගර සභා රැස්වීම ශාලාවේදී (23) දින පැවැත්විණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ උපදෙස් පරිදි පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානයකර තිබිණි. මාතලේ සහ දඹුල්ල මහා නගර සභාව ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් කෙරෙහි අවධානය ‍යොමුකරමින් මෙම සාකච්ඡාව පැවැත්විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙහිදි අදහස් දක්වමින් ජනතාවගේ සේවය වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් ලෙස බැදීමක් පවතින බවත්, ඔවුනගේ ගැටළු සඳහා විසදුම් ලබාදීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බවත්, තමාගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන ජනාතාවගේ ගැටළු සඳහා ‍හොඳින් ඇහුම්කන් දිමට කටයුතු කළ යුතු බව සඳහන් කළේය. මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන වෙත බලපානු ලබන කෙටි හා දිගු කාලීන ගැටළු රැසක් කෙ‍ෙරහි මෙහිදි සාකච්ඡා කෙරිණි. එම ගැටළු සඳහා ප්‍රාදේශීය සභා, පළාත් සභා හා ජාතික යන මට්ටම් අනුව විසඳුම් ලබා ගැනීමට මෙහිදී තීරණය කරන ලදි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සමිත සපුතන්ත්‍රී මහතා, ඇතුළු නාගරික කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.

පළමු දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ගෙනා ඔනිකාට උපහාර .

පළමු දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ගෙනා ඔනිකාට උපහාර . පළමු දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනාගනිමින් දක්ෂතා දැක්වූ මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිරත එකම ක්‍රීඩිකාව වූ ඔනිකා ප්‍රනාන්දු මහත්මිය වෙත උපහාර පිදීමේ වැඩසටහනක් මහනුවර පල්ලෙකැලේ පිහිටි පළාත් පාලන දෙපාර්තමේන්තුවේදී පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(20) පැවැත්විණ. පළමු දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම දිනා ගැනීමට මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ත සංවර්ධන නිලධාරි ඔනිකා ප්‍රනාන්දු සමත් විය. මෙම තරඟාවලියේදී වයස අවුරුදු 50 - 54 කාණ්ඩය නියෝජනය කරමින් මීටර් 400 x4 සහය දිවීමේ තරගය අංශය නියෝජනය කරමින් ඇය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙම තරගාවලිය පසුගියදා ඉන්දියාවේ,මැංගලෝර් නගරයේ මංගල ක්‍රීඩාංගනයේ දී පැවත්වින. මධ්‍යම පළාත් ,පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔනිකා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ පැවති ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලි වලදී ද දක්ෂතා දක්වමින් පදක්කම රැසක් දිනාගෙන ඇති දක්ෂ ක්‍රීඩිකාවක වන අතර මෙම උපහාර පිදීමේ අවස්ථාවට සිය රාජකාරි ස්ථානයේ නිලධාරින් ද එක්ව සිටියහ.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය පදනම්කර ගනිමින් ජාතික මට්ටමේ සිනමා ගම්මානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය පදනම්කර ගනිමින් ජාතික මට්ටමේ සිනමා ගම්මානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. පළාතේ පවතින විභාවතාවයන් හදුනා ගනිමින් විදේශ විනිමය රටට ගෙන ඒමේ නව ව්‍යාපෘතියක් ලෙස ජාතික මට්ටමේ සිනමා ගම්මානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. මෙය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සදහා වන ව්‍යාපෘති වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා වෙත ලබාදීම (22) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරින . මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට යන මහත්ම මහත්මින් , ව්‍යාපෘතිය යෝජිත පාර්ශවය නියෝජනය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂ අජිත් ධර්මසුරිය, ලයිට් සිනමා සමාගම නියෝජනය කරමින් ගංගා ජසින්තුලියන ,මුවී වර්ක්ස් ආයතනය නියෝජනය කරමින් කේ.ජී.විමලදාස මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

ප්‍රවීන මලල ක්‍රීඩක ඩබ්ලිව්. වසන්ත පෙරේරා ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට.

ප්‍රවීන මලල ක්‍රීඩක ඩබ්ලිව්. වසන්ත පෙරේරා ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට. දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාව නියෝජනය කර පදක්කම් දිනාගත් පිලිමතලාව, ඩබ්ලිව්. වසන්ත පෙරේරා මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අතර හමුවක් (21) දින පැවැත්විණි. ඉන්දියාවේ, මැන්ගලෝර් නුවරදි ජනවාරි මස 07 දින සිට 15 දින දක්වා දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය දා පැවැත් වූ අතර එහිදි ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඩබ්ලිව්. වසන්ත පෙරේරා මහතා තරග ඇවීදීම ඉසව්වෙන් මීටර දස දහස රන් පදක්කම සහ මීටර පන්දහස ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙහිදි මධ්‍යම පළාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් ප්‍රවීණ මලල ක්‍රීඩක ඩබ්ලිව්. වසන්ත පෙරේරා මහතාගේ ක්‍රීඩා දිවිය ඇගයීමට ලක් කළ අතර ඔහු ලද ජයග්‍රහණ වෙනුවෙන් සුභ පැතුම් එක් කළේය.

යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා කුණ්ඩසාලේදී ,

යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා කුණ්ඩසාලේදී , පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් මත දිවයින පුරා මහමෙවුනා භාවනා අසපු කේන්ද්‍ර කොට වාර් ෂිකව සංවිධානය කරනු ලබන යොවුන් සදහම් සක්මන සදහම් වන්දනා භාවනාමය වැඩසටහන මෙවර පෙබරවාරි මස 14 දින කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය. 2016 වර්ෂයේ දී ආරම්භ කළ අතර මෙම වැඩසටහන තාරුණ්‍ය මුල් කොට දිවයින පුරා ස්ථාන කිහිපයක පැවැත්විණි. දස වන ‘යොවුන් දහම් සක්මන 2025’ වැඩසටහන, සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (21) අද පැවති දැනුවත් කිරීමේ සාකච්ඡාවේ දී ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ නාලන්දේ පවර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සිදු කළහ. මෙවර ද මෙම වැඩසටහන සඳහා පාසල් හා විශ්වවිද්‍යාල, උසස් තාක්ෂණ ආයතනවල සිසුන්, පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන් ඇතුළු දිවයින පුරා සිටින තරුණ තරුණියන් මෙම වැඩසටහන සදහා සහභාගී කරගැනීමට සැලසුම් කර ඇත. පෙබරවාරි මස 15 දින මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති‘යොවුන් දහම් සක්මන 2025’ වැඩසටහන සඳහා තරුණ තරුණියන් 15000 කට අධික පිරිසකගේ සහභාගිත්වයක් අපේක්ෂා කරන බව මෙහි දී අනවරණය විය. මෙම සකච්ඡාව සඳහා කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවාසි මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook