ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් මහනුවරදි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් මහනුවරදි. ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (26) පැවැත්විය. මෙහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සහ මහකොමසාරිස්වරයා අතර අදහස් හුවමාරු වූ අතර, මධ්‍යම පළාතේ වාණිජමය මට්ටමෙන් සිදු කරනු ලබන කිරිගව පාලනයට හා නිෂ්පාදනය වැඩි කිරිමටත් කර්මාන්ත නගා සිටුවිම සදහා ලබා දිය හැකි තාක්ෂණික උපදෙස් හා දායක්වය ලබා දිමට කටයුතු කරන බව මෙහිදි අදහස් දැක්වු මහකොමසාරිස්වරයා පැවසිය. මෙම සුහද හමුව අවසානයේදී දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර සහකාර ලේකම් (වැඩබලන) මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, ආණ්ඩුකාර, සම්බන්ධිකරණ ලේකම් පි.එන්. විජයරත්න යන මහත්වරුන් ද එක්වි සිටියහ.

“සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන දඹුල්ලේදී

“සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන දඹුල්ලේදී “සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සි/ස රංගිරි දඹුලු විවිධ සේවා සමුපකාර සමිති පරිශ්‍රයේදී 25 දින පැවැත්විණ. දුම්බර මිටියාවතෙන් ආරම්භ වී මේ වනවිට ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ජනතා ව්‍යාපාරය ලෙස ග්‍රාමීය ජනතාව වෙත වඩා සමීප සමුපකාර ව්‍යාපාරය නව දැක්මක් සහිතව මධ්‍යම පළාත් තුළ නගාසිටුවීමේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන් සංවිධානය වී පැවති අතර පළාත් තුළ ක්‍රියාමක තෙවන ජංගම සේවා වැඩසටහන මෙය වේ. රංගිරි දඹුලු විවිධ සේවා සමුපකාර සමිතියේ පුර්ණ අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය වූ මෙම ජංගම සේවාවේදී සමුපකාර සේවක කොමිෂන් සභාව , සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව , ජාතික සමුපකාර සංවර්ධන ආයතනය , සේවක විශ්‍රාම වැටුප් පාලක මණ්ඩලය , විවිධ සේවා සමුපකාර සමිති හා බැංකු යන ආයතනයන් රැසක් ජංගම සේවා කටයුතු සදහා දායකත්වය ලබාදෙන ලද අතර සමුපකාර කාර්යභාරය හා ආයතන හදුනාගැනීම , සේවා සැපයීම හා නව දැනුම හුවමාරු කර ගැනීම , සමුපකාර ක්ෂේත්‍රයේ ආයතන අතර සහයෝගය ගොඩනැගීම හා මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම , සමුපකාර ව්‍යාපාරයේ පවතින පොදු ගැටළු විසදා ගැනීම සදහා මැදිහත්වීම මෙන්ම සමුපකාරිකයින්ගේ ගැටළු සදහා ප්‍රමුඛ මැදිහත්වීම් මෙහිදී සිදු කරන ලදී. මෙම වැඩසටහනට සමගාමිව ස්වයං රැකියා අලෙවි කුටි , දේශීය ආයුර්වේද හා බටහිර වෛද්‍ය සායනයන් ඇතුලත් සේවා රැසක් ද මෙම පරිශ්‍රය තුළ ක්‍රියාත්මක විය. මෙහිදී සමුපකාර සමිති ව්‍යාපෘති සදහා ණය ලබාදීම , විශ්‍රාම ලැබූ සේවකයින් සදහා උපහාර තිලිණ ප්‍රදානය කිරීම, සමුපකාර ස්ථිර පත්වීම ප්‍රදානය කිරීම , මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී සේවාලාභින් වෙත විවිධ පැල වර්ග බෙදාදීම ද සිදු විය. මෙම අවස්ථාව සදහා කර්මාන්ත හා සමුකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, සමුපකාර කොමිෂන් සභාවේ සභාපති ටි.ඩි.ජයතිස්ස , සමුපකාර කොමිෂන් සභාවේ ලේකම් කේ.ඒ.එල්.සජිවනි, සමුපකාර සංවර්ධන දෙපාර්තාමෙන්තුවේ කොමසාරින් අමිල නවරත්න, රංගිරි දඹුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති කේ.ජි.අබේරත්න යන මහත්ම මහත්මීන් , පළාතේ විවිධ සේවා සමිති නියෝජනය කරමින් සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මහනුවර මහමායා බාලිකා විදුහලේදී.

නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මහනුවර මහමායා බාලිකා විදුහලේදී. දරුවන්ගේ දක්ෂතා හදුනාගනිමින් ඔවුන් නිවැරදි දිශානතියකට යොමු කිරීම වැඩිහිටි අපි හැමෝගේම වගකීමක්. නමුත් පවතින විභාග මුලික කරගත් අධ්‍යාපන රටාව හේතුවෙන් ඇතිවන තරගකාරීත්වය තුළ බොහෝ වටිනාකම් අද දරුවන්ගෙන් ගිලිහිලා. මේ විභාග මුලික කරගත් අධ්‍යාපන රටාව කාලීනව වෙනස් විය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ , පහේ හපනුන් විශිෂ්ඨතත්වයට රැගෙන යමින් නව මාවතක් වෙත ප්‍රවේශ කිරීම සදහා ජාතික රූපවාහිනී සංස්ථාවේ අනුග්‍රහයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරනු ලැබූ නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මහනුවර මහමායා බාලිකා විදුහලේ දී අද දින (25 දින) පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. මෙම වර්ෂයේ පැවැත්වෙන පස්වන නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මෙය වන අතර මධ්‍යම පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 15 තුළම මෙම වැඩසටහන ජාතික රූපවාහිනිය හා එක්ව ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රවීන දේශක මඩුල්ලක් වන ක්‍රිශාන්ත අබේරත්න , අමිල ප්‍රසාද් ජයසේකර හා එරංග පද්ම කුමාර යන ආචාර්යවරුන් විසින් ලබාදෙනු ලැබිය. මෙම වැඩසටහනට සමගාමිව පැවැත්වෙන දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන මහමායා බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේදී පැවැත්විණ. මෙහිදී පෝෂණය ,සෞබ්‍යය ,ළමා නිදහස හා අධ්‍යාපනය තුලනයක් මගින් සමබර වූ දරුවෙකු සමාජගත කිරීමේ වගකීම පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ , මහමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජි.එස්.නිශ්ශංක, රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන වැඩසටහන් අංශයේ නිෂ්පාදිකා දේවිකා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද නෙළුම් මල් දන්සල ශ්‍රී දළදා මාළිගාව අසල දී.

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද නෙළුම් මල් දන්සල ශ්‍රී දළදා මාළිගාව අසල දී. පොසොන් පොහොය නීම්ති කර ගෙන ශ්‍රී දළදා මාළිගාව වාහල්කඩ ඉදිරි පිට දී හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද නෙළුම් මල් දන්සලක් පැවැත්විණ. හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා ව ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙහිදී නෙලුම් මල් ,වරා මල් ,ගිතෙල් පහන් සහ හඳුන්කුරු ඇතුළු දේ ජනතාව වෙත ලබාදීම සිදුකරන ලද අතර එම දන්සල ආරම්භ කිරීමේ අවස්ථාවට පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.සි.කේ.අතපත්තු මහත්මියගේ ප්‍රදානාත්වයෙන් පැවැත් විය . හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා ලේකම් එස්.ආර්. අතාවුද මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා කුන්ඩසාලය, පුජාපිටිය ,මැදදුබ්බර , ගග ඉහළ ප්‍රාදේශීය සභා වල ලේකම් මහත්ම මහත්මින් ඇතුළු හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය එක් වී සිටියහ .

මධ්‍යම ආණ්ඩුකාරවරයා , සරසවි දරුවන් ,මහනුවර විවෘත බාලදක්ෂයන්, පාසල් සිසුන් හා රාජ්‍ය සේවකයින් සමගින් පොසොන් බැතී ගී ගායනයේ.

මධ්‍යම ආණ්ඩුකාරවරයා , සරසවි දරුවන් ,මහනුවර විවෘත බාලදක්ෂයන්, පාසල් සිසුන් හා රාජ්‍ය සේවකයින් සමගින් පොසොන් බැතී ගී ගායනයේ. අසිරිමත් පොසොන් උදාව බැතියෙන් සමරණු පිණිස ආණ්ඩුකාර කාර්යාලය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ පොසොන් බැති ගී සරණිය මහුනවර සහස් උයන පරිශ්‍රයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 21දා පැවැත්විණි. මෙහිදි පාසල් සිසුන්, බාල දක්ෂ කණ්ඩායම් සහ රාජ්‍ය ආයතන රැසක බැති ගී කණ්ඩායම් විසින් බැති ගි ඉදිරිපත් කළ අතර ඔවුන් වෙත සහතික ප්‍රදානයක්ද සිදු කෙරුණි. මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ වර්තමානයේදි විශ්ව විද්‍යාල සිසුන් මෙවැනි සංස්කෘතික හර පද්ධතින් ආරක්ෂා කිරිමටත් ආගමට දහමට ලැදියාවෙන් කටයුතු කිරිම අගය කරන බවය.සමාජයේ විශ්ව විද්‍යාල සිසුන් පිළිබදව ඇති ආකල්පය වන්නේ ඔවුන් ප්‍රචණ්ඩකාරි හැසිරිම් පෙන්වන අය බවත් එසේ නොවි මෙවැනි කාර්යන් සිදු කරන පිරිසක් බවට සමාජයට හොද පණිවිඩයක් මේ තුළින් ලැබෙන බවත් මේ වැඩසටහන් සංවිධානය කළ සිසු ප්‍රජාවට අපේ ගෞරවය හිමිවිය යුතු බවද ඔවුනට ඇවැසි පරිසරය නිර්මාණයට තමන් සම විටම කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා පැවසිය. මෙහිදි ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ කාර්ය පළාත් ලේකම්වරුන් ඇතුලු සියලු දෙනා එකට එක්ව බැති ගි ගායනය කිරීම විශේෂ සිද්ධියක් විය. මෙම අවස්ථාවන් සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු පාසල් සිසුන් විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook