ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාතේ විදුහල්පති සේවයට නව නිලධාරින් පිරිසක්

මධ්‍යම පළාතේ විදුහල්පති සේවයට නව නිලධාරින් පිරිසක් මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා පත්වීම් ප්‍රදානය කිරීම, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා‌ගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (10) දින පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම පත්වීම් ප්‍රදානයේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින් 22 ක් සදහා තෝරාගත් පාසල් සඳහා ස්ථානගත කිරීම සිදු කෙරිණී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපාන පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.එම්.ඒ.කේ. ඇලිකේවල, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරි ඩි.එම්. හේරත් බන්ඩා යන මහත්ම මහත්මීන් සහ පත්වීම්ලාභි විදුහල්පතිවරුන් පිරිසක් එක් වූහ.

පාතදුම්බර මහා විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානය

පාතදුම්බර මහා විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානය වත්තේගම අධ්‍යාපන කලාපයේ පාතදුම්බර මහා විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවය කුණ්ඩසාලේ, පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදි පසුගිය දා (09) සිදු කෙරිණි.මෙම උත්සවය මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.මෙම ක්‍රීඩා වර්ණ ප්‍රදාන උළෙලේ දි 2024/2025 වර්ෂවලදි පාතදුම්බර මහා විද්‍යාලය නියෝජනය කරමින් කලාප, පළාත්, ජාතික හා ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා විෂය බාහිර ක්‍රියාකරකම් තුළින් දක්ෂතා දැක් වූ සිසු සිසුවියන් පිරිසක් ඇගයීමට ලක් කෙරිණි.මෙම අවස්ථාව සඳහා පාතදුම්බර ප්‍රාදේශිය සභාවේ සභාපති එච්.එම්. නිමල් හේරත්, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යපන අධ්‍යක්ෂ කේ.ඩී.එම්.ඒ.කේ. ඇලිකේවල, පාතදුම්බර මහා විද්‍යාලයේ විදුහල්පති මේජර් එච්.එම්.කේ.ඒ. සමරකෝන් යන මහත්වරුන් ඇතුළු ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ.

මහයියාව උමං මාර්ගය ඉදිකිරීම ඇර‌ඹේ

මහයියාව උමං මාර්ගය ඉදිකිරීම ඇර‌ඹේ මහනුවර - යාපනය මාර්ගයේ (A009) මහයියාව උමං මාර්ගය ඉදිකිරීම ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (06) පෙරවරුවේ සිදු ණි.මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර - යාපනය මාර්ගයේ දැනට පවතින වාහන තදබදය අවම කිරීම උදෙසා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 699.6ක දේශීය අරමුදල් යොදා ගනිමින් සිදු කෙරේ.

මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි අරඹයි

මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි අරඹයි මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 06 දින පෙරවරුවේ සිදුකෙරිණි.2021 වසරේ වැඩ ආරම්භ කර, ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ අතහැර දැමුණු මෙම ව්‍යාපෘතිය රුපියල් බිලියන 12.27ක දේශීය අරමුදල් යොදා ගනිමින් යළි ආරම්භ කෙරේ.ගැටඹේ මංසන්දිය ආශ්‍රිතව දැනට පවතින රථවාහන තදබදය අවම කිරීමට සහ දුම්රිය හරස් මාර්ගය වැසීම හේතුවෙන් වාහන ගමනාගමනයට සිදු වන ප්‍රමාදය අවම කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.තුම්පනේ, හාරිස්පත්තුව, හතරලියද්ද, පූජාපිටිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 146ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ පිරිනැමීම සිදු කෙරිණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook