ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලට 2023 වසර සදහා පළමු ශ්‍රේණිය සදහා දරුවන් ඇතුලත් කර ගැනීම.

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලට 2023 වසර සදහා පළමු ශ්‍රේණිය සදහා දරුවන් ඇතුලත් කර ගැනීමේ උත්සවය ඉකුත්දා (28) තෙල්දෙණිය කලප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එම්.පී.එස්.කේ. තෙන්නකෝන් මහතාගේ තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පැවැත්විණ.දුම්බරටම ආදර්ශයක් සපයමින් විද්‍යාලයේ විදුහල්පති සුසන්ත විජේසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.

පළමු ශ්‍රේණිය ට දරුවන් ඇතුලත් කර ගැනීමේ මධ්‍යම පළාත් වැඩසටහන.

පළමු ශ්‍රේණිය ට දරුවන් ඇතුලත් කර ගැනීමේ මධ්‍යම පළාත් වැඩසටහන. 2023 වර්ෂය වෙනුවන් පාසල් සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ මධ්‍යම පළාත් වැඩසටහන “පාසල් අධ්‍යාපනයට ප්‍රීතිමත් ආරම්භයක්” යන මැයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිල්වෙස්තර විදුහලේ දී 28 දින සිදු කෙරිණ. මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා , දරුවන්ගේ අධ්‍යාපනය එක පැයක් අහිමි වුවහොත් ඒ අහිමි වූ කාලයේ වටිනාකම අද නොවේ වසර ගණනාවක් ගොස් එය සමාජයට දැනෙන බවත්,එලෙස සිදු වුවහොත් එය ජාතියේම අවාසනාවක් බව පැවසීය. ගුරුවෘත්තිය වෘත්තියක් නොව සේවාවක් බවට පත් විය යුතු බවත් දරුවන් යහමගට ගැනීමේ පදනම ගොඩනැගීම ගුරු සේවාවේ ප්‍රමුඛම අර්ථය විය යුතු බවත් පැවසීය.ගුරුවරයා ගේ රාජකාරි වගකීම් සහගත බව අද ප්‍රශ්නකාරී තත්වයකට පත්ව ඇති බවත් එය ගුරුවරුන් තම ක්‍රියාවෙන්ම සකස් කරගත යුතු අංගයක් බවත් කීය. අතීතයේ පැවති ගුරු සේවය අද ට ගෙන ඒම ගුරුවරයා සතු වගකීමක් වන බව ද ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදී. මෙහිදී පළමු ශ්‍රේණිය සදහා ළමුන් 160 දෙනෙකු ඇතුලත් කර ගැනීම සිදු විය. විද්‍යාලයේ විදුහල්පති අසේල රවීන්ද්‍ර මහතාගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, අධ්‍යාපන අමාත‍යාංශ යේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අන්ඳරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 15 වන කැබ්බරිය නිල වශයෙන් එළි දැක්වීම.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 15 වන කැබ්බරිය නිල වශයෙන් එළි දැක්වීම. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශාඛාවේ 15 වන කැබ්බරිය නිල වශයෙන් එළි දැක්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් (24) පැවැත්විය. එහිදි 15 වන කැන්බරියේ නිල ලාංඡනය, ගීතය සහ තේමාව එළි දැක්වීම සිදු වු අතර, 15 වන කැන්බරිය අප්‍රේල් 05 දින සිට 08 දින දක්වා මහනුවර, ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ලේකම්වරිය සදහන් කර සිටියේ මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ මෙවර කැන්බරිය පැවැත්වෙන බවත්, බාලදක්ෂ ව්‍යාපාරය අභියෝග ජයගන්නා මතුපරපුරක් නිර්මාණය කිරීම සදහා දායක වන බවයි. මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මහනුවර දිසා ශඛාවේ දිසා කොමසාරිස් කපිල ප්‍රියන්ත,විශේෂ කොමසාරිස් සරත් කුමාරසිංහ,දිසා බාලදක්ෂ සංගමයේ විධායක සංගමයේ සභාපති ඩඩ්ලි අමරසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය.

ආකල්ප වල පවතින ධනාත්මක සාධනයන් සමාජ සංවර්ධනයට වඩා හිතකර බවත්, දිනන රටකට යහපත් මග පෙන්වීමක් ප්‍රාථමික අවධියේම ලබාදීම අනාගතේ සුන්දර රටක් නිර්මාණය කර ගැනීමේ පදනම වේ.

ආකල්ප වල පවතින ධනාත්මක සාධනයන් සමාජ සංවර්ධනයට වඩා හිතකර බවත්, දිනන රටකට යහපත් මග පෙන්වීමක් ප්‍රාථමික අවධියේම ලබාදීම අනාගතේ සුන්දර රටක් නිර්මාණය කර ගැනීමේ පදනම වී ඇති බව තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි. තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් දුම්බර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. එම්. පී. එස්. කේ. තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රඹුක්වැල්ල ක්‍රීඩා පිටියේ දී පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා, අද සමාජයේ සියලු ක්ෂේත්‍රයන් තුළ පසුබෑමට, සමාජ ප්‍රගමනයේ අඩුවීමට ප්‍රමුඛව බලපා ඇත්තේ සියලුදෙනාගේ ආකල්පවල පවතින අඩුපාඩු බවත්, ආකල්ප වල පවතින ධනාත්මක සාධනයන් මඟින් සමාජ සංවර්ධනයට වඩා හිතකර වාතාවරණයක් ගොඩනැගීමේ පදනමව ඇති බව පැවසීය. රටේ අනාගතය ගොඩනගන දරු පරපුර තුළ අධ්‍යාපනයේ මෙන්ම ක්‍රීඩාවේ යහගුණයන් ලබාදීම මගින් තම ජීවිතය ආලෝකමත් කර ගැනීමට මනා පිටුවහලක් වන බවත් දිනන රටකට යහපත් මග පෙන්වීමක් ප්‍රාථමික අවධියේම ලබාදීම අනාගතේ සුන්දර රටක් නිර්මාණය කර ගැනීමේ පදනම වන බවත් පැවසීය. දුම්බරටම ආදර්ශයක් සපයමින් විදුහල අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම හා ක්‍රීඩා අංශයෙන් දක්වන දක්ෂතා මෙහිදී ඇගයීමට ද ලක් කෙරිණ. වීර , ශූර හා ධීර ලෙස නිවාස වලට බෙදී දරුවන් තරඟ කළ අතර 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව හිමිකර ගැනීමට ලකුණු නමසිය විස්සක්(920) හිමිකරගත් ධිර නිවාසය සමත් විය.අනුශූරතාව ලකුණු 690 ලබාගත් ශුර නිවාසයත්, තෙවන ස්ථානය ලකුණු හයසිය අසූවක් හිමිකරගත් වීර නිවාසයට හිමිවිය. විද්‍යාලයේ විදුහල්පති සුසන්ත විජේසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය වූ මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් . නවරත්න මහතා, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්, අවට විද්‍යාලවල විදුහල්පතිවරුන් හා දෙමාපියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

වටපුළුව නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ උළෙලක්.

මහනුවර වටපුළුව නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ උළෙල අද පෙරවරුවේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජී. එච්. ඒ. ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වටපුළුව ඇඹල රාජමහා විහාරස්ථ ධර්ම මන්දිරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණ. මහනුවර අධ්‍යාපන කලාපයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වාර්තා කිරීමට සමත්ව ඇති මෙම විද්‍යාලයෙන් මෙවර විභාගයට පෙනීසිටි ළමුන් 25 දෙනාම ලකුණු 100ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් සමත්වී ඇති අතර වාර්තා වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 184 වේ. අවම ලකුණු සංඛ්‍යාව 106 කී. ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේ ලවන් සස්මිත ශිෂ්‍යයායි. කාලයත් සමඟ වැසි යාමේ තර්ජනයට ලක්වූ විද්‍යාලයක් වන මෙම විදුහල නැවත 2013 ජනවාරි 21 වන දින ළමුන් 7 දෙනෙකුගෙන් හා එක් ගුරුවරයෙකුගෙන් ආරම්භ කරනු ලැබු අතර ක්‍රමිකව සංවර්ධනය වී වර්තමානය වන විට දරුවන් ඇතුලත් කිරීමට ඉහළ තරඟකාරීත්වයක් නිර්මාණය වී ඇත. ඒ ඉහල අධ්‍යාපනික ප්‍රතිඵල හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් දරුවන් ප්‍රකට කරනු ලබන විශිෂ්ට දක්ෂතා හේතුවෙනි. වර්තමාන විදුහල්පතිනි ඩබ්.එන්. එස්. විජේතුංග මහත්මිය ඇතුළු ගුරු මඩුල්ලේ කැපවීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ පැසසුමට ලක්විය. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවලි න් විචිත්‍රවත් වුණු මෙම උපහාර උළෙල සඳහා ඇඹල රාජමහා විහාරාධිපති පුජ්‍ය ගල්ලෑල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහ දෙමව්පියන් , ආදී සිසුන් සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook