ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

නවීකරණය කළ මිනිපේ මහජන පුස්තකාලය පාඨක අයිතියට.

නවීකරණය කළ මිනිපේ මහජන පුස්තකාලය පාඨක අයිතියට ජංගම දුරකථන භාවිතයට අසීමිතව ඇබ්බැහි වී සිටින දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා පවතින හොඳම හා සාර්ථකම විකල්පය පුස්තකාල භාවිතය වන බවත්, නැණ නුවණින් සපිරි පුරවැසියන් අනාගතය වෙනුවෙන් නිර්මාණය කරලීමට ඉන් සානුබල සැපයෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පසුගියදා (07) හසලකදී පවසයි. ආණ්ඩුකාර ගමගේ මහතා මෙසේ අදහස් දැක්වූයේ මිනිපේ ප්‍රාදේශීය සභාව, ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ හා පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යාධාර උපයෝගී කොට ගෙන නවීකරණය කළ හසලක, මිනිපේ මහජන පුස්තකාල ගොඩනැගිල්ල පාඨක අයිතියට පත් කරලීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.මෙයට සමගාමීව යෝජිත නව කියවීම් ශාලා ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමද ආණ්ඩුකාර ගමගේ මහතා විසින් සිදුකරන ලදී.අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කමල් බෙලිගොල්ල මහතාද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද, මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතා හා ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයද, පාඨකයන් ඇතුළු ප්‍රදේශවාසීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

හසලකදී පලතුරු පැල බෙදා දීමක්. රුක් රෝපණ වැඩසටහනක්

හසලකදී පලතුරු පැල බෙදා දීමක්. රුක් රෝපණ වැඩසටහනක් ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහය සහිතව මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් වෙත පලතුරු පැල පනහ බැගින් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා (07) හසලක, රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාය.මෙයට සමගාමීව ප්‍රදේශවාසීන්ගේ හා පාසල් සිසු ප්‍රජාවගේ සහභාගිත්වයෙන් දුනුමඩලාව වැව් තාවුල්ලේ රුක්රෝපණ වැඩසටහනක්ද ‘හුස්ම හිටවමු’ මැයෙන් සංවිධානය කොට තිබිණි. මෙහිදී දුනුමඩලාව වැවේ ජලය එක්රැස් නොවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාර ගමගේ මහතා විසින් බලධාරීනට උපදෙස් ලබා දෙන ලදී. මේ අවස්ථා සඳහා මිනිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් අබේසිංහ මහතාද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාද, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද, මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතාද, විදුහල්පති සුභරත්න විදානගේ මහතාද, ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙහෙයුම් කළමනාකරු සාලින්ද කටුපොල මහතාද, ගුරු භවතුන් හා සිසුන් පිරිසක්ද එක්ව සිටියහ.

පරිසරය සුරකින සිසු නායකත්වයක් ගොඩ නංවයි.

පරිසරය සුරකින සිසු නායකත්වයක් ගොඩ නංවයි. කසළ කළමනාකරණය විධිමත් කොට පාරසරික සුරක්ෂිතභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පාසල්වල ශිෂ්‍ය නායකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) හසලක, ආර්.ප්‍රේමදාස ජාතික පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මිනිපේ ප්‍රාදේශීය සභාව සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වනුයේ ඒ සඳහා වන අනාගත නායකත්වයක් පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතරින් ගොඩ නැංවීමය. මිනිපේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ සහයද ඇතිව සංවිධානය කෙරුණු මෙම වැඩසටහන සඳහා warehouse හා neglect ආයතන අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබිණි.වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ කාර්යයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කමල් බෙලිගොල්ල මහතාද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද, මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” ජන අයිතියට.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” ජන අයිතියට පත්කරයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” ජන අයිතියට පත්කිරිම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (4) සිදු විය.දේශීය කර්මාන්ත සවිබල ගන්වමින්,දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් ආරක්ශා කරගැනීමේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙම වෙළද සැල මෙසේ ජන අයිතියට පත් කෙරුණු අතර, මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක , එම් රාමේශ්වරන් ඇතුලු මහජන නියෝජිතයන් ද පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් පේශ කර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා යන මහත්ම මහත්මීන් ද එක් විය

මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන් 835ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන් 835ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. අධ්‍යාපනයෙන් ,කුසලතාවයන්ගෙන් හා යහපත් වූ ආකල්පයන්ගෙන් පිරිපුන් දරුවකු සමාජගත කිරීමේ ප්‍රමුඛ අරමුණ ඉටු කිරීම වෙනුවෙන් රටේ කොපමණ ආර්ථික ප්‍රශ්න පැවතියත් රජයක් ලෙස අධ්‍යාපනය සදහා අවශ්‍ය කටයුතු නිසි ලෙස ඉටු කිරීමට පියවර ගෙන ඇති බවත්, රජයක් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සේවාවන් රැසක් නොමිලේ ජනතාවට වෙත ලබාදීමට පියවර ගෙන ඇති රටක පුරවැසියන් ලෙස රට වෙනුවෙන් නිවැරදිව තම යුතුකම ඉටු කරනවාද යන්න හදවතින්ම සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ ,සීමිත පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ තුන්වන ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ මධ්‍යම පළාත් උත්සවය 06 දින මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අවස්ථාවේදිය.මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පවතින කලාප අධ්‍යාපන කාර්යාල 15ව තුළ පවතින පුරප්පඩු සඳහා විදුහල්පති පත්වීම් 835 ක් ලබාදීම මෙහිදී සිදු කෙරිණ.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා, අධ්‍යාපනය අතින් පළාත දැනට අත් කර ගෙන ඇති තත්වයේ වෙනසක් සිදුකිරීමට විදුහල්පති ධූරයේ වගකීම මගින් විශාල හැකියාවක් පවතින බවත් දැනට පළාතේ තුළ ගුරුවරුන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක හිගයක් පවතින අතර එය ඉදිරියේදී කඩිනමින් සපුරාලමින් අනාගත දරු පරපුරේ උන්නතිය උදෙසා පියවර ගන්නා බවද කීය.රජය හා රට බලාපොරොත්තු වන අරමුණු ජය ගනිමින් සාරධර්මයන් ගෙන් පිරිපුන් දරුවෙකු ලෙස සමාජගත කිරීමේ වගකීම අද පත්වීම් ලබන විදුහල්පතිවරුන් වෙත පැවරෙන විශාලම වගකීමක් බවත්, රොබෝවරුන් නොව නිර්මාණශීලීත්වයෙන් , නව ආකල්පයන්ගෙන් හෙබි දරු පරපුරක් රටට දායාද කිරීමට වැඩි වගකීමක් විදුහල්පතිවරුන්හට පැවරෙන බවත් එය ඉටුකරමින් තමන්ගේ වගකීම නිවැරදිව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස ද ඒ මහතා කීය.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩී . නිමලසිරි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් ,ආණ්ඩුකාර ලේකම් මංජුල මඩහපොල යන මහත්ම මහත්මීන් , පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook