දඹුල්ල මහ නගර සභා ගැටලු පිළිබද සාකච්ඡාවක්.
මාතලේ දඹුල්ල මහ නගර සභාවේ පවතින පරිපාලනමය ගැටලු කිහිපයක් පිළිබදව සාකච්ඡාවක් පසුගිය දා (02) ගරු ආණ්ඩුකාරවර සරත් බී. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල මහ නගර සභා නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මැදරට පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීමට අවධානය
මධ්‍යම පළාතේ පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (03) පැවැත්විණි.අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් සංවර්ධන අංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහනකට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.මධ්‍යම පළාතේ පරිවෙන් අධ්‍යාපන නංවාලීම සඳහා මධ්‍යම පළාත් සභාව ඇතුළු ආයතන සහ දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අවශ්‍ය සහාය ලබා ගැනීමේ අරමුණු ඇතිව මෙම සාක්ච්ඡාව පැවැත්විය.අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය කන්තලේ විජිතවංශ හිමියන් විසින් පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කළහ. පිරිවෙන් ගුරුවරුන්ගේ ආයතනික රාජකාරි ගැටළු, ධාරිතා සංවර්ධන සහ පිරිවෙන් සිසු පුහුණු වැඩසටහන්, පිරිවෙන් විද්‍යායතන අධික්ෂණය කිරීම, නියාමන කටයුතු, භෞතික පහසුකම් සංවර්ධනය කිරීම, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල සහාය ලබා ගැනීම, ඉදිකිරීම් හා නඩත්තු නියාමනය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාව සඳහා පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ඇතුළු පිරිවෙන්, කලාප අධ්‍යාපන කාර්යාල සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කළ මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට යන මහත්ම මහත්මින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, කලාප අධ්‍යාපන අධෂක්ෂවරුන්, විෂය අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් සහභාගී වූහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 09-01දින ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බී. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්‍යාල ශ්‍රවණාගාරයේදි පැවැත්වින.
එම අවස්තාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මියද ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහාකෝන් මහතාද සහභාගී වී සිටියහ.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව ලේකම් වරයෙක්.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලේකම්වරයා ලෙස කේ.කේ.ජි.අයි.ඩි.පී. විජේතිලක මහතා පත්කිරීමට අදාළ ලිපිය ලබා දීම මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අතින් (01) වන දින ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කේ.කේ.ජි.අයි.ඩි.පී. විජේතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස අවසන් වරට කටයුතු කළේය.
මොරවැව ප්‍රාදේශීය ලේකම් ලෙස රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ කේ.කේ.ජි.අයි.ඩි.පී. විජේතිලක මහතා මහතා නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යාංශ කිහිපයකම අමාත්‍යාංශ ලේකම් ලෙස ද මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ලෙසද මහනුවර හා නුවරඑළිය මහ නගර සභාවල නාගරික කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය අතර හමුවක් මහනුවරදී.
යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය වන ටියෝනා ඇෂ්ලනිෂ්විල් (Teona Aslanishvili) මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා අතර හමුවක් 27 දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණ.
මෙහිදී යුනිසෙෆ් ආයතනය මගින් ඉටුකරනු ලබන සේවාවන් පිළිබඳවත්, විශේෂයෙන්ම ළමා රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙන් රට තුළම ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කිරීමට නියමිත “ළමා හිතකාමී සේවා සැපයුම් හා රැකවරණ මධ්‍යස්ථාන” (Child Friendly continuum services center) ඉදිකිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා විය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සඳහා වන ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කරන ලදී. එසේම මෙම ළමා හිතකාමී සේවා සැපයුම මධ්‍යස්ථානය අංග සම්පූර්ණව ලෝක ප්‍රවණතා මට්ටමින් ඉදිකරමින් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමටද කටයුතු යොදා ඇති බව මෙහිදී කරුණු අනාවරණය විය.
විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය තුළ ළමා රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවත්, මධ්‍යම පළාත පාදක කර ගනිමින් මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් නව යාන්ත්‍රණයක් සියළු සේවා සපයන ආයතන ඒකාබද්ධ කර ගනිමින් දරුවන් හට වඩා සුරක්ෂිත අනාගතයක් උදා කිරීමට අවශ්‍ය සහාය නිරන්තරයෙන් ලබා දෙන බව ද මෙහිදී ම නියෝජිතවරිය පැවසීය.
මෙම අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ නියෝජිත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
